Home » ඇළ මාර්ග සුද්ද කර­නවා කියලා වැඩි­පුර හෑරු­වොත් ඇළ­වල් දිගේ කර­දිය ගලා ගිහින් වගා­වන් විනාශ වෙනවා
කළු­තර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වීම

ඇළ මාර්ග සුද්ද කර­නවා කියලා වැඩි­පුර හෑරු­වොත් ඇළ­වල් දිගේ කර­දිය ගලා ගිහින් වගා­වන් විනාශ වෙනවා

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත

by Gayan Abeykoon
February 29, 2024 1:06 am 0 comment

සට­හන හා ඡායා­රූප - කළු­තර මධ්යම සමූහ සුනිල් ස්ටැන්ලි

සුරා බදු නීති රීති­ව­ලට පට­හැ­ණිව පයා­ගල ප්‍රදේ­ශයේ අලු­තෙන් මත්පැ­න්හ­ලක් විවෘත කිරීමේ සූදා­න­මක් පව­තින බවත් ඊට ප්‍රදේ­ශ­වා­සීන්ගේ විරෝ­ධ­යක් එල්ල වී ඇති බවත් කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහතා කළු­තර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වී­මේදී ප්‍රකාශ කළේය.

කමිටු සම සභා­පති සංජීව එදි­රි­මාන්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් කළු­තර දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යීය ශ්‍රව­ණා­ගා­ර­යේදී මෙම රැස්වීම පැවැ­ත්විණි.

එහිදී තව­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා මෙසේ ද කීය.

Òමෙම ස්ථාන­යට සමී­පව කතෝ­ලික දේව­ස්ථාන, පාසල් මෙන්ම තවත් ආග­මික ස්ථානද පව­ති­නවා. පව­තින මහ­ජන විරෝ­ධය හමුවේ මෙම මත්පැ­න්හ­ලට අව­සර ලබා නොදෙන ලෙස ඉල්ල­නවා.

නිවාස සහ නාග­රික සංව­ර්ධන ඇමැති ප්‍රසන්න රණ­තුංග මහතා : 

ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මේදී ග්‍රාමීය කමි­ටුව කැඳවා ප්‍රමු­ඛතා හඳු­නා­ගත යුතුයි. එහි අනු­මැ­ති­යෙන් තොරව කිසිදු ව්‍යාපෘ­ති­යක් ක්‍රියා­ත්මක කරන්න එපා.

මෙහිදී දහම් පාසැ­ල්ව­ලට වැඩි අව­ධා­න­යක් යොමු කරන්න. වැඩි­හිටි සංවි­ධාන, යෞවන සමාජ, ක්‍රීඩා සමාජ ආදි­යෙහි අව­ශ්‍යතා හඳු­නා­ගෙන ප්‍රති­පා­දන වෙන් කරන්න. එහෙත් මුදල් වෙන් කළ යුත්තේ ජූලි මස 31 දිනට පෙර අව­සන් කළ හැකි ව්‍යාපෘ­ති­ව­ලට පම­ණයි.

වැඩ නොක­රන කොට ජන­තාව බනින්නේ වැඩ කරන්නේ නැහැ කියල. වැඩ කර­න­කොට කියන්නේ කොමිස් ගහ­නවා කියල. කමි­ටු­ව­ලට ගමේ අය පත් කර ගත්තාම ඒ අය­ටම බලා ගන්න පුළු­වන්.

දැන් පළාත් පාලන මැති­ව­ර­ණය සඳහා නාම­යෝ­ජනා ලබා දී ඇති අය කමි­ටු­වට කැඳ­වන්න එපා කියල කිය­නවා. එහෙම බැරි දිසා­ප­ති­තු­මා­ටයි. කමිටු සභා­පති හැටි­යට සංජීව එදි­රි­මාන්න මහ­තාට කැඳ­වන්න පුළු­වන්. කළු­තර දිස්ත්‍රි­ක්කයේ අයව කැඳ­වන්නේ නැහැ කියල මම දැන ගත්තේ මෙහෙ ආවාට පසු­වයි. අපි නම් කැඳ­ව­නවා.

රටේ අව­ශ්‍ය­තා­වය අනුව ව්‍යාපෘති ක්‍රියා­ත්මක කිරී­මට යන­විට ඇතැම් නිල­ධා­රීන් බැහැ කිය­නවා. පළාත් සභා චක්‍ර­ලේ­ඛයේ ගැට­ලු­වක් ඇති බව සම­හරු කිය­නවා. පළාත් සභා චක්‍ර­ලේ­ඛය ද මධ්‍යම රජයේ චක්‍ර­ලේ­ඛය ද පිළි­ගන්නේ කියල තීර­ණය කරන්න ආණ්ඩු­කා­ර­ව­ර­යාට පුළු­වන්. ඒ ඒ ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­ව­ලට ගැළ­පෙන පරිදි ව්‍යාපෘති හඳු­නා­ගත යුතුයි.

සමෘද්ධි රාජ්‍ය ඇමැති අනූප පැස්කු­වල් මහතා ; 

ඉස්සර නම් රස­කැ­විලි හදන වංගෙ­ඩි­ය­ටත් ප්‍රති­පා­දන වෙන් කරල තිබුණා. සම­හ­රුන්ගේ හදන්න සිමෙන්ති දුන්නාම විකුණා ගත්තා. පුහු­ණු­වක් ලබාදී කරන ඒවාට ප්‍රශ්න­යක් නැහැ.

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා : 

ඇළ මාර්ග සුද්ද කර­නවා කියලා වැඩි­පුර හෑරු­වොත් ඇළ­වල් දිගේ කර­දිය ගලා ගිහින් වගා­වන් විනාශ වෙනවා. අද ඉත්තෑ­පාන ප්‍රදේ­ශයේ වගා කිරී­මට නොහැකි වී තිබෙ­නවා.

කළු­තර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ­කු­මාර මහතා ද කළු­තර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා ඇතුළු නිල­ධා­රීහු රැසක් ද මෙහිදී අද­හස් දැක්වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT