Sunday, May 11, 2025
Home » කුකුල් මස් කටු අතර සඟවා බන්ධ­නා­ගා­ර­යට මත්කුඩු ගෙනා කතක් මාට්ටු

කුකුල් මස් කටු අතර සඟවා බන්ධ­නා­ගා­ර­යට මත්කුඩු ගෙනා කතක් මාට්ටු

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

පොතු­පි­ටිය -සුමිත් ප්රේම­ති­ලක

බන්ධ­නා­ගා­රයේ රදවා සිටින සිය සැමි­යාට ලබා­දීම සදහා ඊයේ (28) පස්ව­රුවේ හෙරෝ­යින් මත්කුඩු   කුකුල් මස් කටු අතර සගවා හය හැවි­රිදි සිය දිය­ණි­යද සමග පැමිණි කාන්තා­වක බන්ධ­නා­ගාර නිළ­ධා­රීන් විසින් නිරී­ක්ෂ­ණය කිරී­මෙන් පසු කළු­තර උතුර පොලි­සි­යට භාර­දී­මෙන් අන­තු­රුව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ හැවි­රිදි පයා­ගල ප්‍රදේ­ශයේ පදිංචි 34 හැවි­රිදි කාන්තා­වක බව පොලි­සිය කීය.

හෙරො­යින් මත්කුඩු සම්බ­න්ධ­යෙන් වූ නඩු­ව­කට කළු­තර මල්වත්ත බන්ධ­නා­ගා­රයේ රදවා සිටින සැමියා බැලී­මට සැක­කා­රිය සිය අවු­රුදු හයක් පමණ වය­සැති දිය­ණි­යද සමග පැම්ණ සිට ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT