Saturday, May 10, 2025
Home » හලා­වත කොළඹ පෞද්ග­ලික බස් රථ වර්ජ­න­යක් මගීන් දැඩි අප­හ­සු­තා­ව­යට

හලා­වත කොළඹ පෞද්ග­ලික බස් රථ වර්ජ­න­යක් මගීන් දැඩි අප­හ­සු­තා­ව­යට

by Gayan Abeykoon
February 29, 2024 1:00 am 0 comment

රසාද් පූර්ණ­මාල් - පුත්ත­ලම දිසා සමූහ

හලා­වත කොළඹ මාර්ගයේ පෞද්ග­ලික බස් රථ වර්ජ­න­යක් හේතු­වෙන් මඟින් දැඩි අප­හ­සු­තා­ව­යට පත්විණි. ඊයේ (28) පෙර­ව­රුවේ මේ වර්ජ­නය ආරම්භ කැරිණි.

මේ වර්ජ­න­යට සහය පළ කර­මින් පුත්ත­ලම කොළඹ පෞද්ග­ලික බස් රථ ද ඊයේ දිනයේ ධාව­න­යෙන් ඉවත්වූ බව සීමා­ස­හිත හලා­වත මගී ප්‍රවා­හන සංග­මයේ සභා­පති චමින්ද හැන්සා මහතා පැව­සීය.

මන්නා­රම කොළඹ බස් රථ­යක් හා හලා­වත කොළඹ බස් රථ­යක රියැ­දු­රන් හා කොන්දො­ස්ත­ර­ව­රුන් අතර ඇතිවූ ආර­වු­ල­කින් පසු මාදම්පේ පොලි­සිය හලා­වත කොළඹ බස් රථ­යක කොන්දො­ස්ත­ර­ව­ර­යෙකු අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සමඟ මේ වර්ජ­නය ආරම්භ කර ඇත.

වර්ජ­නයේ නිරත සේව­ක­යන් පව­සන්නේ දුර ගමන් සේවා බස් රථ­ව­ලට රටේ නීති­රීති බල­නො­පාන බවයි. ඔවුන් ප්‍රමා­ණ­යට වඩා මඟින් පටවා ගෙන යන අතර, ඒ සඳහා නීතිය ක්‍රියා­ත්මක නොවන බව ද පැව­සීය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT