ලෙඩ සුව කරන බව පවසා රූමත් බාලවයස්කාර පිරිමි ළමුන් ගෙන්වාගෙන තෙල් සාත්තු කරන මුවාවෙන් කලක සිට ලිංගික අතවර කිරීමට පුරුදුව සිටි හෝමාගම ප්‍රදේශයේ අසපුවක හිමිනමක් පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මීට පෙර අවස්ථා කිහිපයකදී මෙම හිමිනම ප්‍රදේශයේ මවුපියන් රවටා බාල වයස්කාර දරුවන් ගෙන්වාගෙන මෙසේ ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකිරීම නිසා සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබූ බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම නගරය ආසන්නයේ අසපුවක් පවත්වාගෙන යන 50 හැවිරිදි හිමි නමක් බව පොලිසිය පවසයි.
මෙම සැකකාර හිමිනම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුට අයත් නිෙවසක් කුලී පදනම මත ලබා ගෙන අසපුවක් පවත්වාගෙන යමින් එහි ආගමික වතාවත් සිදු කරමින් ප්‍රදේශයේ ජනතාව තුළ ප්‍රසාදයක් දිනාගෙන ඒ හරහා සුව කළ නොහැකි රෝග සුව කරන බව පවසමින් විවිධ මාදිලියේ ප්‍රතිකාර සිදු කර තිබේ.
ඒ සඳහා ප්‍රාණයට ප්‍රාණයක් අවශ්‍ය බව රෝගියාගේ ඥාතීන්ට පවසා එම ප්‍රාණය වයස අවුරුදු 15ට අඩු රූමත් පිරිමි ප්‍රාණයක් විය යුතු බව පවසමින් නිවෙස්වල බාලවයස්කාර පිරිමි දරුවන් ගෙන්වාගෙන දින දෙක තුනක් රඳවාගෙන තිබේ.
ඒ අනුව හෝමාගම මුණසිංහපුර ප්‍රදේශයේ අවුරුදු 15 වයසැති දරුවන් දෙදෙනකුට ඇතිව තිබූ රෝගී තත්ත්වයක් සුව කිරීම සඳහා මීට දින දෙකකට පෙර මවුපියන් එම අසපුවට දරුවන් දෙදෙනා කැඳවාගෙන ගොස් හිමිනම හමු වූ අවස්ථාවේදී පවසා ඇත්තේ දින දෙක තුනක් නවතා ගෙන ප්‍රතිකාර කළ යුතු බවයි.
පසුව දරුවන් දෙදෙනා අසපුවේ නවතා සිටියදී සැකකාර හිමිනම මෙසේ ලිංගික අතවර සිදු කර ඇති බවත් ඒ බව දරුවන් මවුපියන්ට දැන්වීමෙන් පසුව හෝමාගම පොලිසියේ සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකාර හිමිනම මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාර හිමිනම මීට පෙර ද පිරිමි ළමුන්ට ලිංගික අතවර සිදු කිරීමේ සිද්ධි රැසක් වාර්තා වී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි නොකිරීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබූ බවත් තවත් පිරිස් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී තිබූ බවත් පැවසේ.
මෙම ස්ථානයට ආශීර්වාද ලබා ගැනීම සඳහා පසුගිය කාලය තුළ මැති ඇමැතිවරුන්, ඉහළ පොලිස් නිලධාරින් ඇතුළු ප්‍රභූවරුන් රැසක් ද පැමිණෙන ස්ථානයක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකාර හිමිනම හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බාලවයස්කාර දරුවන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.