Home » ගුවන් හමුදා පාපැදි සවා­රිය මාර්තු 3 ඇරඹේ
පළ­මු­ව­රට කොළඹ සිට යාප­න­යට දින 5ක්

ගුවන් හමුදා පාපැදි සවා­රිය මාර්තු 3 ඇරඹේ

ජය­ග්‍රා­හ­ක­යන්ට රුපි­යල් මිලි­යන 2.5ක මුදල් තෑගි

by Gayan Abeykoon
February 29, 2024 1:27 am 0 comment

ෆවුස් මොහො­මඩ්
ගුවන් හමුදා පාපැදි සවා­රියේ ප්‍රධාන අනු­ග්‍රා­හක නිපෝන් පේන්ට් සමා­ගමේ සාමා­න්‍යා­ධි­කාරි නේමන්ත අබේ­සිංහ මහතා ගුවන් හමුදා පාපැදි කමි­ටුවේ සභා­පති එයාර් වයිස් මාර්ෂල් ලසිත සුම­න­වීර මහ­තාට අනු­ග්‍රා­හ­ක­ත්වය පිරි­නැමූ අයුරු.

ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ 73 වැනි සංව­ත්ස­ර­යට සම­ගා­මීව වාර්ෂි­කව සංවි­ධාන කරනු ලබන ගුවන් හමුදා පාපැදි සවා­රිය මාර්තු මස 3 වැනිදා  සිට 7 දක්වා දින පහක් පුරා පැවැත්වේ. මෙවර 25 වැනි ගුවන් හමුදා පාපැදි සවා­රිය කොළඹ සිට යාප­නය දක්වා පැවැ­ත්වෙන පළමු අව­ස්ථාව ලෙස ඉති­හා­ස­යට එක් වෙයි.

ජය­ග්‍රා­හක ජය­ග්‍රා­හි­කා­වන්ට රුපි­යල් මිලි­යන 2.5ක මුදල් තෑගි බෙදා දෙන මේ තර­ගය ශ්‍රී ලංකා පාපැදි තරග දින දර්ශ­නයේ ප්‍රමු­ඛ­තම තර­ගය වන අතර ඊට නිපෝන් පේන්ට් සමා­ගමේ ප්‍රධාන අනු­ග්‍රා­හ­ක­ත්වය ලැබී තිබේ.

තර­ග­ක­රු­වන් 200කට ආසන්න පිරි­සක් සහ­භාගි වනු ඇතැයි අපේක්ෂා කරන ගුවන් හමුදා පාපැදි තර­ගය පිළි­බඳ මාධ්‍ය හමුව පසු­ගි­යදා බත්ත­ර­මුල්ලේ ගුවන් හමුදා මූල­ස්ථා­න­යේදී පැවති අතර එහි දී අද­හස් පළ කළ ගුවන් හමුදා පාපැදි කමි­ටුවේ ලේකම් ගෲප් කපි­තාන් රංග පෙරේරා කියා සිටියේ දේශීය තර­ග­ක­රු­වන්ට අම­ත­රව ඉන්දීය ගුවන් හමු­දාවේ තර­ග­ක­රු­වන් පිරි­ස­කට ද තර­ගය සඳහා ඇරි­යුම් කර ඇති බවය.

පිරිමි තර­ගයේ සම්පූර්ණ දුර ප්‍රමා­ණය කිලෝ­මී­ටර් 654ක් වන අතර මාර්තු මස 3 වැනිදා කොළඹ සිට මහ­නු­වර දක්වා කිලෝ­මී­ටර් 104. 3ක දුරක් ආව­ර­ණය කර­මින් තර­ගය ආරම්භ වේ. අන­තු­රුව 4 වැනිදා මහ­නු­වර සිට පොලො­න්න­රුව දක්වා කිලෝ­මී­ටර් 137.2ක දුරක් ආව­ර­ණය කෙරෙන අතර 5 වැනිදා පොලො­න්න­රුවේ සිට ත්‍රිකු­ණා­ම­ලය දක්වා කිලෝ­මී­ටර් 125.7කින් ද, 6 වැනිදා ත්‍රිකු­ණා­ම­ලය සිට වවු­නි­යාව දක්වා කිලෝ­මි­ටර් 139.4කින්ද, අව­සන් දින­යේදි වවු­නි­යාවේ සිට යාප­නය දක්වා කිලෝ­මී­ටර් 147.4කින් ද තර­ගය සම­න්වි­තය.පිරිමි තර­ග­යට සම­ගා­මීව පැවැ­ත්වෙන කාන්තා තර­ගය මාර්තු මස 7 වැනිදා මාන්කු­ලම් සිට යාප­නය දක්වා කිලෝ­මී­ටර් 98ක දුර­කින් යුතුව පැවැ­ත්වී­මට නිය­මි­තය. මෙවර තර­ගයේ ජය­ග්‍රා­හ­ක­යාට මුද­ලින් රුපි­යල් ලක්ෂ 5ක් හිමි­වන අතර, දෙවැනි ස්ථාන­යට රුපි­යල් ලක්ෂ 3ක් ද, තුන්වැනි ස්ථාන­යට රුපි­යල් ලක්ෂ 2ක් ද, සිව්වැනි ස්ථාන­යට රුපි­යල් එක්ලක්ෂ විසි­ප­න්ද­හ­සක් ද පිරි­නැ­මී­මට කට­යුතු යොදා තිබේ. පස්වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා ද මුදල් තෑගි පිරි­නැ­මීම විශේ­ෂ­ත්ව­යකි. මීට අම­ත­රව සමස්ත ස්ප්‍රින්ට් ශූර­තාව, කඳු තර­ණයේ ජය­ග්‍ර­හණ, අදි­යර ත්‍යාග, සමස්ත කණ්ඩා­යම් ශූර­තාව සහ අවු­රුදු 23න් පහළ දක්ෂ­තම යොවුන් ක්‍රීඩ­කයා වශ­යෙන් තවත් මුදල් තෑගි රැසක්ම ප්‍රදා­නය කිරී­මට නිය­මි­තය.

කාන්තා තර­ගයේ ජය­ග්‍රා­හි­කා­වට රුපි­යල් එක්ලක්ෂ විසි­ප­න්ද­හ­සක මුදල් ත්‍යාග­යක් පිරි­නැ­මෙන අතර දෙවැනි ස්ථාන­යට රුපි­යල් අසූ­ද­හ­සක් සහ තුන්වැනි ස්ථාන­යට රුපි­යල් හැට දහ­සක මුදල් තෑගි පිරි­නැමේ. මීට අම­ත­රව සිව්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා ද මුදල් තෑගි පිරි­නැ­මෙන අතර සමස්ත ස්ප්‍රින්ට් ශූර­තාව, කණ්ඩා­යම් ශූර­තාව වෙනු­වෙන් ද මුදල් තෑගි වෙන් කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT