ජාත්‍යන්තර එත්නෝස්පෝර්ට්ස් සම්මේලනයට අනුබද්ධ, ජාතික එත්නොස්පෝර්ට් ශ්‍රී ලංකා සම්මේලනයේ (ජාතික ජනවාර්ගික ක්‍රීඩා) මහා සභා රැස්වීම අද (29) පෙ.ව. 10.30ට පාණදුර සෝමතිලක විතාරණ ශ්‍රවණාගාරයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.
සාම්ප්‍රදායික ක්‍රීඩාවන් සංරක්ෂණය කරමින් ඉදිරි පරම්පරාවට දැකබලා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය තරග සම්මන්ත්රණ පුහුණු කටයුතු සිදු කිරීම, ජාත්‍යන්තර එත්නෝස්පෝර්ට් සම්මේලනයට අනුයුක්ත රටවල සාම්ප්‍රදායික එත්නෝ ක්‍රීඩා කටයුතු සඳහා එකමුතුව ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමත්, ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලාංකේය කොට්ට පොර ක්‍රීඩාව ජාතික ක්‍රීඩාවක් ලෙස ප්‍රවර්ධනය කර ජාත්‍යන්තරයට ගෙන යෑම ආදි වැදගත් කරුණු රාශියක් මූලික කර ගනිමින් එත්නෝ ක්‍රීඩා සම්මේලනය කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙයි. ජාතික හා ජාත්‍යන්තර ජන ක්‍රීඩා, සාම්ප්‍රදායික ක්‍රීඩා කටයුතු සඳහා කැමත්තක් දක්වන සැමගේ සහභාගිත්වය සහ සහයෝගය ශ්‍රී ලංකා එත්නෝස්පෝර්ට්ස් සම්මේලනය අපේක්ෂා කරයි. වැඩි විස්තර එත්නෝ ක්‍රීඩා සම්මේලනයේ සංවිධායක (0785167721) ගෙන් ලබාගත හැකිය.