Home » වසර 110ක් පැරණි උඩ­වෙල අක­රැල්ල පාලම වෙනු­වට රු. කෝටි 168ක විය­ද­මින් නව පාල­මක් ඉදි­වෙයි

වසර 110ක් පැරණි උඩ­වෙල අක­රැල්ල පාලම වෙනු­වට රු. කෝටි 168ක විය­ද­මින් නව පාල­මක් ඉදි­වෙයි

by Gayan Abeykoon
February 29, 2024 1:28 am 0 comment

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහත්වරුන් මංගල පස් පිඩැල්ල කපමින් පාලමේ ඉදිකිරීම් වැඩ කටයුතු ආරම්භ කළ අයුරු

වසර 110ක් පැරණි ඕප­නා­යක, උඩ­වෙල අක­රැල්ල පාලම වෙනු­වට නෙද­ර්ලන්ත රජයේ ණය ආධාර යටතේ රුපි­යල් කෝටි 168ක විය­ද­මින් රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කු­ඹුර මහ­තාගේ අමා­ත්‍යාං­ශ­යෙන් ක්‍රියා­ත්මක කරනු ලබන ග්‍රාමීය පාලම් ව්‍යාපෘ­තිය යටතේ නව පාල­මක් ඉදි­කි­රීම පසු­ගි­යදා රත්න­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී මුදිතා ප්‍රිය­ශාන්ති ද සොයිසා මහ­ත්මි­යගේ ආරා­ධ­න­යෙන්, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් ආරම්භ කරන ලදී.

මෙම නව පාලමේ ඉදි­කි­රීම් මාස 6ක් තුල අව­සන් කිරී­මට බලා­පො­රොත්තු වන අතර අඩි 23 පළ­ලින් යුතු මන්තීරු දෙක­කින් යුතුව ඉදි­ක­රනු ලැබේ.

පාලමේ වැඩ ආරම්භ කිරී­මෙන් අන­තු­රුව ඕප­නා­යක, අකරැල්ල ශ්‍රී සුද­ර්ශ­නා­රා­මය විහා­ර­ස්ථා­නයේ පැවති උත්සව සභා­වේදී අද­හස් දැක්වු විෂය භාර අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා

“රංජිත් සොයිසා මන්ත්‍රී­තුමා ඉන්න කාලෙ මම රටේ අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන අමා­ත්‍ය­ව­රයා විදි­යට රක්වාන, පැල්ම­ඩුල්ල, ඕප­නා­යක ප්‍රදේ­ශ­වල දුවා දරු­වන්ට හෙටක් ඇති කිරීම සඳහා තාක්ෂණ විෂ­ය­ධා­රාව හඳු­න්වා­දීල ඔබේ දරු­වාට දැනුම පද­නම් වෙන ලෝකයේ හෙට දවස ජය­ග­න්නට අවශ්‍ය තම තමන්ට කර­ගන්න බැරි රජ­යක් වශ­යෙන් කරන්න ඕන උදව් අපි කරලා තියෙ­නවා.

මේ ගම්මා­න­ව­ලත් රටෙත් ඉන්න සාමාන්‍ය වැසි­යට තමන්ගේ අව­ශ්‍යතා තමන් පුද්ග­ලි­කව කොත­රම් වෙහෙස දැරු­වත් තම­න්ටම ඉෂ්ට කර­ගන්න බැහැ. පාලම්, විදු­ලිය, මාර්ගය තමන්ට හදා­ගන්න බැහැ. දේශ­පා­ල­න­ඥ­යින් මොන කතා කිව්වත් තමන්ගේ ප්‍රශ්න තම­න්ටම විස­ඳා­ගන්න බැහැ. එනිසා රටේ ජනයා ඒ ජන­තා­වට විසඳා ගන්නට නොහැකි ගැටලු විසඳා ගැනීම සඳහා වග­කි­ව­යුතු ආණ්ඩු­වක් පත්කර ගන්න ඕන. නිද­හ­සින් පස්සේ ලංකාවේ පත්කර ගත් ආණ්ඩු විසින් අපට දරන්න පුළු­වන් ප්‍රමා­ණ­යට වඩා වැඩි වැඩ කොට­සක් ලාංකීය සමා­ජ­යට කරන්න උත්සාහ කරල තියෙ­නවා. ලෝකයේ සෑම රජ­යක්ම මුදල් අය කරලා අධ්‍යා­ප­නය දෙන­කොට අපි දිග­ටම නිද­හස් අධ්‍යා­ප­නය යටතේ නොමිලේ අධ්‍යා­ප­නය දීල තියෙ­නවා. බෙහෙත් හේත්වලට ලෝකයේ රට­වල් සල්ලි ගන්න­කොට හෘද­ සැත්කම් සිට සියල්ල රජය නොමිලේ දීල තියෙ­නවා. මංමා­වත් හදලා විදු­ලිය දීලා ගංගා­වල් හර­වලා තියෙ­නවා. හැබැයි ඔක්කොම කරපු විදිය ජන­තා­වට කියලා නැහැ. කවුරු ජනා­ධි­පති උනත්, කවුරු ආණ්ඩු කළත්, කවුරු අග­මැති වුණත් සියලු ප්‍රාග්ධන ව්‍යාපෘති කරල තියෙන්නෙ දේශීය හා විදේ­ශී­යව ණය අර­ගෙන. නිද­හ­සෙන් පසු පසු­ගිය අවු­රුදු 76 තුළ කවුරු ආණ්ඩු කළත් ආණ්ඩුව පව­ත්වා­ගෙන යාමේ එදි­නෙදා විය­දම් ටික දරන්න ප්‍රමා­ණ­වත් ආදා­ය­මක් ලංකා ආණ්ඩු­වට නැහැ. රාජ්‍ය සේව­ක­යින්ට වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවිය යුතුයි. සමෘ­ද්ධිය ඇතුළු සහ­නා­ධාර දිළිදු පවු­ල්ව­ලට දිය යුතුයි. ගත්ත ණයවලට පොලී ගෙවිය යුතුයි. මේ විය­දම පියවා ගැනී­මට ප්‍රමා­ණ­වත් ආදා­ය­මක් ලංකාවේ කිසිම ආණ්ඩු­ව­කට තිබිලා නැහැ. ඒ නිසා සෑම ආණ්ඩු­වක්ම දේශීය හා විදේ­ශීය වශ­යෙන්ම ණය ගත්තා. ණය අරන් අරන් ණය ගෙවා ගන්න බැරි­වුණා. දැන් අපි ලෝක­යට ණය වෙලා තියෙ­නවා ඒ රට­වල් අපට ශත පහක් වත් ණයට දෙන්නේ නැහැ. ඒ නිසා පාර­වල්, ඇනි­කට්, වේලි හදන්න බැහැ, උමා ඔය වැනි ඔය­වල් හර­වන්න බැහැ. ඒ නිසා විශාල ලෙස ආර්ථි­කය කඩා වැටු­ණට පස්සේ එය නොදන්නා ලෙස බොරුව පතු­ර­වපු ජනයා මහ­ජන නියෝ­ජි­ත­යින් මරල, ගෙවල් ගිනි­බත් කරල අර­ග­ලය කියලා මුළු රටම විනාශ කරාට පස්සේ රනිල් වික්‍ර­ම­සිංහ නාය­ක­තුමා රට භාර අර­ගෙන ජාත්‍ය­න්ත­ර­යට, ලෝක­යට කිව්වා මේ ණය ගෙව­නවා ගෙවන වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර­ග­න්න­කම් අප ජාත්‍ය­න්තර මුල්‍ය අර­මු­දල සමග ගිවි­සු­මක් ඇති­ක­ර­ගත්තා.ඒ ගිවි­සුම ඇති නොකර ගත්තා­නම් අදත් තමු­න්නා­න්සේ­ලාට ගෑස්, තෙල් නෑ විදු­ලිය පැය දහ­යක් දොළ­හක් කප­නවා. ඒ ගිවි­සුම ඇති කර­ගෙන ලෝකයේ රාජ්‍ය නාය­කයෝ මුන ගැහිලා සාකච්ඡා කරලා ණය ආපසු ගෙව­නව ක්‍රම­වේ­ද­යක් හදලා ඉවර කර­ගෙන යනවා. ඒ එක­ඟ­තා­ව­යන්ට පත්වීම නිසා නෙද­ර්ල­න්ත­යෙන් ජානක වක්කු­ඹුර ඇමැ­ති­තු­මාට පාලම් එක­සිය පන­හක් හදන්න ප්‍රති­පා­දන දෙන්න එකඟ වෙලා තියෙ­නවා. ඒ ණයවලින් තමයි මේ පාලම හදන්නේ පාල­මට ගත්ත ණය ගෙවන්නේ ඔබ නොව ඔබගේ දරු­වා­ගෙන් එන පර­ම්ප­රා­ව­ලින් එන ආණ්ඩුව. ඒ ආණ්ඩුව ඒක ගෙවන්න බැරිය කිව්වොත් අනා­ග­තයේ ආයෙ ණය ලැබෙන්නේ නැහැ. දිගින් දිග­ටම ලෝක­යට බොරු කියන්න බැහැ. දිගින් දිග­ටම ලෝකය නැතුව ලංකාව ගොඩ ගන්න බැහැ. ඒ නිසා දැන් අපි ඇති කර­ගෙන තියෙන ගිවි­සුම තුළින් ඉදිරි අවු­රුදු 5 – 6 තුළදී හිර­වෙලා තියෙන විදේශ ණය­ව­ලින් 37% කුත්, 51% ඉදිරි අවු­රුදු 6 – 20 අතර ගෙවන්න වෙනවා. 12%ක් අවු­රුදු විස්ස­කට පසුව ගෙව­නවා. 2050 වෙන­කම් මේ හිර වෙච්චික ණය ගෙවන්න ඕනේ එහෙම ගෙවන්නේ නැති ආණ්ඩු­වක් සුමාන දෙක­කට වඩා ලංකාව ආණ්ඩු කරන්නේ නැහැ. ඒ නිසා පික­ටින් කළාට, උද්ඝෝ­ෂ­ණ­ ක­ළාට, ඔළුව පාරේ ගහ­ග­ත්තට අපට පාලම් පාර­වල් හදන්න ක්‍රම­යක් නැහැ විදේශ ණය ආධාර නැත්නම්. එහෙම පුළු­වන් කියල කවු­රු­හරි කිය­නවා නම් එක්කෝ අන්ත මෝඩ­යෙක් එහෙම නැත්නම් සුරුට්ටු කඩ­ය­ක්වත් කරලා නැති දව­ස­ක්වත් රටක ආණ්ඩු කරන්න බැරි කෙනෙක් තමයි එහෙම කියන්නේ. ඒ නිසා රටක ප්‍රබුද්ධ ජන­තාව බුද්ධි­මත් ජන­තාව වශ­යෙන් තේරුම් ගන්න ඕන ඉතාම අමාරු තැන­කින් රට ගොඩ ගැනීම සඳහා අපි එකතු වෙලා මහන්සි වෙලා කට­යුතු කළ යුතුයි.

පාර­වල් පාලම් ඇනි­කට් හදන්නේ ණය­ව­ලින් මේ ණය ගෙන ඒම සඳහා කට­යුතු කරල තියෙන්නේ මේ මජන නියෝ­ජි­ත­යින්, ඇම­ති­ව­රුන්, ජනා­ධි­ප­ති­වරු, අග­මැ­ති­ව­රුන් ඒක රටක රාජ්‍ය මූල්‍ය කළ­ම­නා­ක­ර­ණයේ කාර්ය­යන්. ඒ අනුව ඒ කාර්ය තුළ හෙට එච්චර කළු­වර නැහැ. දැන් අපි මේ ණය ගෙවන ගිවි­සුම්වලට ලබන මස අග වන විට අත්සන් තැබු­වා­යින් පස්සේ අපි නතර වෙලා තියෙන කැඩිලා බිඳිලා තියෙන පාලම් සියල්ලේ වැඩ නැවත ආරම්භ කර­නවා. දැනට තියෙන මුල්‍ය අර­මු­දල් යටතේ වර්ග කිලෝ­මී­ටර 1500 මේ අවු­රුද්දේ කාපට් කර­නවා. ඒ සදහා ජානක ඇම­ති­තු­මාට හා මුදිතා මන්ත්‍රී­තු­මි­යට මගේ අමා­ත්‍යාං­ශ­යෙන් ලක්ෂ 2000 ගාණේ ලබා දෙනවා. ඊට වඩා වැඩි­පු­රත් නාය­ක­හා­මු­දු­රු­වන්ට හා වැලි­ග­පොළ ගමට කරන ගෞර­ව­යක් වශ­යෙන්ම මේ පාල­මෙන් පාරේ මුල කොටස කාපට් කරලා ඉතිරි ප්‍රමා­ණය දරු­වන්ට පාසල් යන්න පුළු­වන් තත්ත්ව­යට ප්‍රති­සං­ස්ක­ර­ණය කරලා දෙනවා. අපි එකතු වෙලා මහන්සි වෙලා මුලා නොවී අපේ රට ගොඩ­නැ­ඟීම සඳහා වැඩි වැඩි­යෙන් වැඩ කරමු යයිද අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය.

මෙම අව­ස්ථා­වට අක­රැල්ල, ඕප­නා­යක ශ්‍රී සුද­ර්ශ­නා­රාම විහා­රයේ විහා­රා­ධි­පති තැන්යායේ සුමං­ගල නාහි­මි­යන්, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කු­ඹුර මහතා, මුදිතා ප්‍රිය­ශාන්ති ද සොයිසා මහ­ත්මිය, වැලි­ගෙ­පොළ ප්‍රාදේ­ශීය සභාවේ හිටපු සභා­පති කැලුම් ප්‍රියං­කර ජය­සිංහ, මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සබර­ගමු පළාත් අධ්‍යක්ෂ ඩී. ආර් එම්. විමල් ඇහැ­ලි­ය­ගොඩ මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් එක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT