Home » දුම්රියේ ගැටී තරුණයෙක් මිය යයි

දුම්රියේ ගැටී තරුණයෙක් මිය යයි

by yasara
March 1, 2024 9:58 am 0 comment

බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ඊයේ (29) දින ගමන්ගත් රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හැවන්කැටිය,උඩුවර ,හාලිඇල ලිපිනයේ පදිංචි 24 හැවිරිදි අත්තනායක මුදියන්සේලාගේ තරිඳු චාමර නැමැත්තෙක් බවට හඳුනාගත් බව පොලිසිය සඳහන් කරයි.

රාත්‍රි හතයි තිහට පමණ ඇල්ල දුම්රිය ස්ථානයට මීටර් 200 ක් පමණ බදුල්ල දෙසට වන්නට  මියගිය පුද්ගලයා දුම්රිය මාර්ගයේ වැතිර සිටිමෙන් මෙම අනතුරට ලක්වු බව දුම්රිය රියදුරු විසින් ප්‍රකාශ කර ඇති  බවද වාර්තාවේ .

මියගිය පුද්ගලයාගේ මෘතදේහය පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කිරිම සදහා බදුල්ල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර,  බණ්ඩාරවෙල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන මහතාගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපේන්ද්‍ර අබේගුණවර්ධන මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුරටත් විමර්ශන සිදුකරයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT