Saturday, May 3, 2025
Home » පාදුක්කේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

පාදුක්කේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

by yasara
March 1, 2024 11:19 am 0 comment

shoot Gun

අද (01) අලුයම් කාලයේදී පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට  වෙඩි ප්‍රහාරයක් එල්ලකර සැකකරුවන් පළාගොස් තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ පිළියන්දල ප්‍රදේශයේ පිරිසක් තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇත.

එම නිවස ආසන්නයේ වෙනත් ඉඩමක නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ කටයුත්තක් වෙනුවෙන් සහභාගී වීම සඳහා එම පිරිස අදාළ නිවසේ නතරවී සිට ඇති බවත් එම නිවස මිලදී ගැනීමේ සූදානමින් ඔවුන් පසුවී ඇති බවත් පොලීසියට වාර්තා වී ඇත.

මෙම  නිවසේ සිටි පිරිස නිදා සිටියදී එක්වරම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බවත් කලබල වූ පිරිස නිවසේ කුස්සිය වෙත දුව ගොස් සැඟවී තිබෙයි

ඉන්පසුව ඔවුන් පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම්දී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT