Home » රාමසාන් වෙනුවෙන් සහනයක්

රාමසාන් වෙනුවෙන් සහනයක්

by chanaka
March 1, 2024 12:55 pm 0 comment

රාමසාන් උත්සව සමය නිමිත්තෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉදිරි දින කිහිපය තුළ දී පහත දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ අනුව, ආනයනික රටඉඳි කිලෝවක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද රුපියල දක්වා පහත හෙළනු ඇත.

මෙම සහනය ලබාගැනීම සඳහා ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසරය හිමිවිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT