Sunday, May 11, 2025
Home » සාන්තන්ගේ දේහය ලංකාවට එවීම කඩිනම් කරන්න – ඉන්දීය අධිකරණයෙන් උපදෙස්

සාන්තන්ගේ දේහය ලංකාවට එවීම කඩිනම් කරන්න – ඉන්දීය අධිකරණයෙන් උපදෙස්

by chanaka
March 1, 2024 2:25 pm 0 comment

හිටපු ඉන්දීය ආග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවකු වූ සාන්තන් ලෙසින් ප්‍රචලිත තිල්ලෙයිඅම්බලම් සුදේන්දිර රාජා නැමැති අයගේ මෘත දේහය කඩිනමින් දිවයිනට රැගෙන යාමට ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ අවසරය ලබා ගන්නා ලෙස මදුරාසි මහාධිකරණය බ්‍රහස්පතින්දා තමිල්නාඩු රජයට නියෝග කළේය.

නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිෂ්කාශනය, මරණ සහතිකය, එම්බාම් කිරීමේ සහතිකය සහ විදේශිකයන්ගේ ප්‍රාදේශීය ලියාපදිංචි කිරීමේ නිලධාරියාගේ (FRRO) අවසරය අවශ්‍ය වන බවයි. ඉහත කී ක්‍රියාවලිය හැකි ඉක්මනින් අවසන් කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත්, දේහය සුමටව ප්‍රවාහනය කිරීම සඳහා සහය ලබා දීමටත් දිසා විනිසුරුවරයා තමිල්නාඩු රජයට උපදෙස් දී ඇත.

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවකු වූ සාන්තන් වසර 32ක් සිරගතව සිට 2022 නොවැම්බර් 11 වැනි දින ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරන ලද අතර, මරා දමන ලද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නමින් වන චෙන්නායි රජයේ මහ රෝහලේදී පෙබරවාරි 28වැනිදා පෙරවරු 7.50 ට පමණ මිය ගියේය.

බරපතල අක්මා රෝගයකින් පීඩා විඳි ඔහු තිරුචිරප්පල්ලි හි විශේෂ කඳවුරේ සිට රෝහලට මාරු කර යවා තිබිය දී මෙලෙස මිය යන ලදි.

දශක තුනකින් දැකගන්නට නොලැබුණු තම වයෝවෘද්ධ මව සමඟ සිටීමට ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ නිවසට ආපසු යවන ලෙස ඔහු කළ ඉල්ලීම සතියකට පෙර ඉන්දීය රජය විසින් අනුමත කරන ලදී. සාන්තන් පසුගිය 28වැනිදා නැවත සියරට බලා පැමිණීමට නියමිතව තිබුණි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT