Sunday, May 11, 2025
Home » ජපානයෙන් තොරතුරු තාක්ෂණ සිසුන්ට ලැප්ටොප්

ජපානයෙන් තොරතුරු තාක්ෂණ සිසුන්ට ලැප්ටොප්

by chanaka
March 1, 2024 2:39 pm 0 comment

ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය මෘදුකාංග ඉංජිනේරු සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් සිදුකෙරිණි.

ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලය විසින් ජපානයේ ආධාර මත අලුතින් පිහිටුවන ලද Lanka Nippon BizTech ආයතනය (LNBTI) මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.

තාක්‍ෂණය සඳහා සිසුන්ගේ ප්‍රවේශය ඉහළ නැංවීම සඳහා LNBTI ආයතනයේ නොසැලෙන කැපවීමත් ඩිජිටල් පරතරය පියවාලීම සඳහා ගෙන ඇති පියවරයන් හී වැදගත්කමත් සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යවරයා සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධනයට සහය දැක්වීමට ජපානය කැපවී සිටින බව මෙම අවස්ථාවට සහභාගී වූ වැඩබලන ජපාන තානාපති කට්සුකි කොටාරෝ මහතා (Katsuki Kotaro) සඳහන් කළේය. තම අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ලබා ගත හැකි නවීන තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ඒ මහතා සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. LNBTI අධ්‍යක්ෂ රවීන්දර් පෙරේරා මහතා සඳහන් කළේ ආයතනයට සම්බන්ධ වීමට කැමති ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් සඳහා නොමිලේ ලැප්ටොප් ලබා ගත හැකි බවයි.

අති නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම උපාංග ලබාදීමෙන්, මෘදුකාංග ඉංජිනේරු උපාධි වැඩසටහන හදාරන LNBTI සිසුන් සවිබල ගැන්වීමට අපේක්ෂා කෙරෙයි. LNBTI, ශ්‍රී ලංකාවේ “hSenid Ventures” සහ “Metatechno Inc” අතර සහයෝගීතාවයකි. මෙම ආයතනය ජපානයේ සහ දකුණු ආසියාවේ උපාධි පිරිනැමීමේ සුදුසුකම්ලත් පළමු සහ එකම ජපන් උසස් අධ්‍යාපන ආයතනයයි.

නවෝත්පාදන, අධ්‍යාපනය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා තාක්‍ෂණයේ බලය උපයෝගී කර ගැනීමට අග්‍රාමාත්‍යවරයා LNBTI සිසුන් දිරිමත් කරනු ලැබීය. තාක්ෂණ උපාධිධාරීන් දිරිමත් කිරීම සඳහා තාක්‍ෂණයේ විභවයන් මුදා හැරීමට LNBTI හි කැපවීම සංකේතවත් කරමින් සහ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වෘත්තිකයන්ගේ දායකත්වය තුළින් ජාතීන් දෙක සමීප කිරීමට කැප වූ අනාගත මුලපිරීම් ඇතිකිරීම මෙම වැඩසටහනින් අපේක්ෂා කෙරෙයි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, LNBTI අධ්‍යක්ෂවරුන් වන සමන් කුමාර සහ අධ්‍යයන කාර්ය මණ්ඩලය, සිසුන් සහ දෙමාපියන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT