Home » ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමේ කුමන්්ත්‍රණයෙන් ට්‍රම්ප් නිදහස් වන ලකුණු

ජනාධිපතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමේ කුමන්්ත්‍රණයෙන් ට්‍රම්ප් නිදහස් වන ලකුණු

by mahesh
March 1, 2024 1:00 am 0 comment

වසර 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී ඇති අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම චෝදනාවෙන් නිදහස් කරන්නේදැයි සලකා බැලිීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජූරි සභාව 6-3ක බහුතර එකඟතාවක් පළ වී ඇතැයි ද, ට්‍රම්ප්ගේ නිදොස්භාවය සම්බන්ධ අභියාචනාව අප්‍රේල් මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. කෙසේ වුවද එහි තීන්දුව නිකුත් වීමට ලබන ජූනි මස අගභාගය වනු ඇතැයි ද සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීරණය ගෙන ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණ සඳහා ප්‍රාන්ත මට්ටමෙන් පැවැත්වෙන රෙපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තෝරාගැනීමේ ඡන්ද විමසීමේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකිය යුතු ආකාරයෙන් ඉදිරියට පැමිණෙමින් සිටින බැවිනි. එමෙන්ම ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ට්‍රම්ප්ට එරෙහි නඩුව විභාගයට නොගැනීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය වීම හේතුවෙන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT