210
අහුංගල්ල ප්රදේශයේ පෞද්ගලික හෝටලයක් ඉදිරිපිට අද (01) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
මියගොස් ඇත්තේ 45 හැවිරිදි කොස්ගොඩ ප්රදේශයේ පදිංචි ත්රිරෝද රථ රියදුරෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා අහුංගල්ල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.