130
ගාල්ල මහින්ද විද්‍යාලයේ 98 කණ්ඩායමේ සාමාජික පුෂ්පිත ජයසේකර ප්‍රවේණිගත අක්මාවේ යකඩ තැන්පත් වීමේ රෝගයට ගොදුරුවීම නිසා කඩිනමින් අක්මා බද්ද සැත්කමක් කිරීමට සිදු වී තිබේ. ඒ සඳහා ලක්ෂ දෙසියක පමණ මුදලක් වැය වෙන අතර, සැත්කම කරන්නේ ඉන්දියාවේ චෙන්නායිනී රෙලා රෝහලේදීය.කඩිනමින් කළයුතු මේ සැත්කමට අවශ්‍ය මුදල් ලබාදීමට කැමැති අයෙක් වෙතොත් සම්පත් බැංකුවේ ගාල්ල අධිශ්‍රේණි ශාඛාවේ ගිණුම් අංක 103553270751ට කැමැති මුදලක් පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටියි. පාසල් යන දරු දෙදෙනකුගේ පියකු වෙන පුෂ්පිතගේ බිරිය වන කාංචනා සංජීවනී ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ සංගීත ගුරුවරියයි.