ශ්‍රී ලංකා – ඉන්දියා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් නෞකා දෙකක් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්ව තිබේ. ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකාවක් වන සමස්ත නෞකාව සහ වේගවත් නිරීක්ෂණ නෞකාවක් වන අභිනව් නෞකාව ගාලු වරායට පැමිණ තිබෙන අතර, මෙම නෞකා අද (01) දක්වා ගාලු වරායේ නැංගුරම්ලා තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
එම නෞකාවන් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට පෙර හෙට (02) සිට එළඹෙන 05 වැනි දා දක්වා කොළඹ වරායේ සංචාරයක නිරත වන අතර, ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන්ගේ අණදෙන නිලධාරිවරුන් වන නියෝජ්‍ය පරීක්ෂක ජෙනරාල් පී. ප්‍රදීප් කුමාර් සහ කොමාන්ඩන්ට් ප්‍රභාත් කුමාර් මහත්වරු, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමට නියමිතව ඇත.