Home » යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සෙවිති සායි මුරලි වැඩ භාරගනී

යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සෙවිති සායි මුරලි වැඩ භාරගනී

by mahesh
March 1, 2024 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ
නව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය හමු‍ෙවයි

යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නව ප්‍රධානියා ලෙස සෙවිති සායි මුරලි මහතා පත් කර තිබේ.

මෙතෙක් නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ රකේෂ් නට්‍රාජ් ජෙයබාස්කරලිංගම් මහතා නවදිලි ඉන්දීය මහ ලේකම් කාර්යාලයට මාරු කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුවට මුරලි මහතා පත් කර ඇත.

33 හැවිරිදි මුරලි මහතා 2019දී විදේශ කටයුතු අමාත්‍යාංශයට එක්වී මේ දක්වා රුසියාවේ ප්‍රාන්තයක ඉන්දීය තානාපති කාර්යාලයේ කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කර ඇත.

නව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරිනී පී. එම්. එස්. චාර්ල්ස් මහත්මිය හමුවී උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉන්දීය රජයේ සහයෝගිතාව අඛණ්ඩව ලබා දෙන බව පැවැසීය.

ඉන්දීය නව නියෝජ්‍ය තානාපති සෙවිති සායි මුරලි මහතා මෙලෙස පැවැසුවේය.

“තරුණ තරුණියන්ට තාක්ෂණික පුහුණුව දීමටත්, මගී යාත්‍රා සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමටත් පියවර ගන්නවා. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය පහසුකම් සලසනවා. ගොඩබිම් සහ වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියට පූර්ණ සහයෝගය දෙනවා. පවිත්‍රතා ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ද ඉන්දීය කොන්සල් කාර්යාලයෙන් වෙන් කිරීමට පියවර ගන්නවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT