Sunday, May 11, 2025
Home » අතිඋතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසූරිය හිමිපාණන්ගේ රාජගුරු අභිෂේකය හෙට

අතිඋතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසූරිය හිමිපාණන්ගේ රාජගුරු අභිෂේකය හෙට

by mahesh
March 1, 2024 1:01 am 0 comment

ප්‍රසාද් පූර්ණමාල් - පුත්තලම දිසා සමූහ

හලාවත පදවියේ සිව්වන රදගුරු හිමිපාණන් ලෙස පාප්තුමන් විසින් පත් කළ අතිඋතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසූරිය මාහිමිපාණන්ගේ රාජගුරු අභිෂේකය හෙට (02) පෙරවරු 09ට හලාවත කාර්මෙල් දේවමාතා ආසන දෙව්මැඳුරේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු කරන බව හලාවත පදවිය නිවේදනය කරයි.

මේ දේව මෙහෙයට මෙරට සියලු රදගුරු හිමිවරුන් සහභාගි වීමට නියමිත අතර, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මේ අවස්ථාවට එක් වීමට නියමිතයි.

නව රදගුරු හිමිපාණන් හලාවත පදවියට පිළිගැනීම හෙට (02) පස්වරු 03ට තෝප්පුව මංසන්ධියේදී සිදු කිරීමට නියමිත අතර, අනතුරුව උන්වහන්සේ රථ පෙළපාළියකින් හලාවත ආසන දෙව්මැඳුර දක්වා කැඳවාගෙන ඒමට නියමිතයි.

අතිඋතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසූරිය මාහිමිපාණන් 1969 වර්ෂයේ හලාවත පදවියට අයත් බෝලවත්ත මීසමේ ගම්මානයක උපත ලබා ඇති අතර, උන්වහන්සේ මුලින්ම අකුරු කර ඇත්තේ බෝලවත්ත ගොන්සාල්වෙස් මහා විද්‍යාලයෙනි. අනතුරුව මාරවිල දෙව්සත්හලින් සහ අම්පිටිය ජාතික දේව්සත්හලෙන් අධ්‍යාපනය ලබා ඇති උන්වහන්සේ පූජත්වරය ලබා ඇත්තේ 1997දීය. අනතුරුව හලාවත පදවියේ ස්ථාන කිහිපයක සේවය කළ උන්වහන්සේ වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වූ අතර, පසුව සභා නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ද හිමි කරගෙන තිබේ. පසුව ලංකාවට පැමිණෙන අතිඋතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසූරිය මාහිමිපාණන් හලාවත පදවියේ අධිකරණ නාහිමි ලෙස වසර හතක කාලයක් සේවය කර ඇත. පසුව අමෙරිකාවේ වසර දෙකක් සේවය කරන උන්වහන්සේ නැවත මෙරටට පැමිණෙන්නේ හලාවත පදවියේ හතරවන රදගුරු හිමිපාණන් ලෙස රෝමයේ පත් කිරීමත් සමඟයි. අතිඋතුම් පළමුවන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසින් අතිඋතුම් ආචාර්ය දොන් විමලසිරි ජයසූරිය මාහිමිපාණන් හලාවත පදවියේ සිව්වන රදගුරු හිමිපාණන් ලෙස පත් කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස 06 වැනිදාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT