2024 වර්ෂයේ මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මොරටුවකන්ද අතුරු මාර්ගයේ මීටර් 800ක දුරක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ(29) දින මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
මීට වසර කීපයකට පෙර මෙම මාර්ගය ගල් අතුරා තාර දමා සංවර්ධනය කරනු ලැබුවත්, පසුව මාර්ගයට නිසි නඩත්තුවක් නොමැති වීම නිසා, වළවල් සෑදී මාර්ගය අබලන්වීම හේතුවෙන්, මෙලෙස එම මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කෙරුණි.
එම අවස්ථාවට මහා සංඝරත්නයද, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවිස්සාවේල්ල ආසන සංවිධායක නීතිඥ රවින්ද්‍ර ජයසිංහ, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර, සීතාවක ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දන පද්මසිරි යන මහත්වරුන්ද, සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරුන්ද, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහුද, ප්‍රදේශවාසීහුද, සහභාගි වූහ.