Home » හැටන් ෆොඩයිස් වත්ත හරහා ඩයගම මාර්ගයට කාපට්

හැටන් ෆොඩයිස් වත්ත හරහා ඩයගම මාර්ගයට කාපට්

by mahesh
March 1, 2024 1:00 am 0 comment

හැටන් ෆොඩයිස් වත්ත හරහා ඩයගම මාර්ගයේ කිලෝමීටර් හතක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඊයේ(29) දින ආරම්භ කෙරිණ. කඳු බැවුම් සහිත එම මාර්ගයේ ස්ථාන කිහිපයක්ම විශාල ලෙස වළවල් හෑරී කඩතොලු වී තිබිම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා බස් රථ ඇතුළු වාහන නිතර නිතර කාර්මික දොෂයන්ට ලක් වන නිසා එම මාර්ගයේ ගමන් ගන්නා පාසල් ළමුන් ඇතුළු මගින් දැඩි දුෂ්කරතාවකට පත්වී සිටියහ. එම මාර්ගයේ ෆොඩයිස් වත්තේ සිට ආගරපතන පසුමලේ මන්සංධිය දක්වා කිලෝමීටර් හතක් දුරට කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මෙසේ (29) දින ආරම්භ කෙරිණ.

එම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන එක්සිය පනස් අටක ප්‍රතිපාදන වෙන් කර ඇත.

මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ සේවකයන් විසින් සිදු කරනු ලබයි. මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ් මහතා ඇතුළු එම පක්ෂයේ සමාජිකයන් විශාල පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT