Home » රටට අවශ්‍ය අභියෝගවලට බය නැති නායකයෙක්

රටට අවශ්‍ය අභියෝගවලට බය නැති නායකයෙක්

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

by mahesh
March 1, 2024 1:00 am 0 comment

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

මේ රටේ ඇතිවූ ආර්ථික අවපාතය, කොවිඩ් රෝගය මේ කාරණා නිසා පහුගිය අවුරුදු තුන හතර ඇතුළතදී අපට ගම්වල ජීවත් වෙන තමුන්නාන්සේලාට කිසිම ව්‍යාපෘතියක් කර ගන්නට ඉඩක් ලැබුනේ නෑ. රජයට මුදල් වෙන් කරන්න තරම් ක්‍රමයක් තිබුනේ නෑ. අපි ඉතාම ඛේදජනක තත්ත්වයකට තමයි පත් වෙලා හිටියේ අපිටත් ගමකටවත් එන්න බැ. තමුන්නාන්සේලා ඉල්ලන ඉල්ලීම් එකක්වත් ඉටු කරන්න බැරි හින්දා යැයි වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ රුපියල් කෝටි 2000ක වියදමින් රටපුරා මාර්ග කිලෝමීටර් 1500ක් සැකසීමේ ව්‍යාපෘතියේ පළමු අධියරේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් අද (29) දින බදුල්ලේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවැසීය. ඒ අතරතුරේදී මේ රටේ හැට නව ලක්ෂයක් ඡන්දය ගත්ත ගොඨාභය රාජපක්ෂ මහතා අරගලකාරයෝ කියලා ත්‍රස්තවාදීන් ටිකක් ඇවිල්ලා පන්නලා දැම්මා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරුන්ට තමන්ගේ පදවිවලින් ඉල්ලා අස්වෙන්න මේ අවස්ථාවේ දී සිදුවුණා.

ඒ අවස්ථාවේ රට අගාධයෙන් බේරා ගන්න කෙනෙක් හිටියේ නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න අපි මන්ත්‍රීවරුන් සකච්ජා කරලා මේ රටේ ඉන්න සියලුම පක්ෂ නායකයන්ට ආරාධනා කළ. මේක භාර ගන්න කියලා අපේ පක්ෂයේ නායකතුමාටත් කීවා එතුමත් බැ කිව්වා. ඊට පස්සේ ඔය මහ කතා පවත්වාගෙන යන සජිත් ප්‍රේමදාසටත් ගිහිල්ලා කිව්වා මමත් විපක්ෂ නායක කාර්යාලයට ගිහින් කිව්වා ඔබතුමා අර ගන්න අපි සහයෝගය දෙන්නම් කියලා. අනුර දිසානායකටත් කිව්වා. ඒ එක්කෙනෙක් වත් භාර ගත්තේ නැ. භාර ගන්න තරම් කොන්ද පන නැති නායකයෝ තමයි අපේ රටේ ඒ වේලාවේ හිටියේ. නමුත් මේ අර්බුදයට මුහුණ දෙන්න කිසිම බියක් සැකක් නැතිව රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණා.

අපට එතුමාගේ දේශපාලන පක්ෂය පාට අවශ්‍ය නෑ. රටට අවශ්‍ය වන්නේ මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකදී රට භාර ගන්න පුළුවන් ශක්තියක් තියෙන බය නැති නායකයෙක්. ඒ නායකත්වය එතුමා අපට ලබාදුන්නා. ඒ නිසා අපි එතුමාගේ කැබිනට් මණ්ඩලයට ගියා. ඒ කැබිනට් මණ්ඩලයට ගියේ පෞද්ගලිකව අපට දෙයක් ලබා ගන්නට නෙවෙයි. තමුන්නාන්සේලාට මේ වගේ පාරක් ලබා දෙන්නට මට පුළුවන් වුණේ විශාල සංවර්ධන සඳහා මුදල් ගෙන එන්නට පුළුවන් වෙලා තියෙන්නේ මම මේ ආණ්ඩුවේ පාර්ශ්ව කාරයෙක් නිසා.

නැත්නම් මාත් බෝඩ් එකක් අල්ලාගෙන ඒක දීපියව්, මේක දීපියව් කිය කීයා හිටියානම් තමුන්නාන්සේලාට ලැබෙන ප්‍රථිපලයක් නැ. මෙන්න මේ දේශපාලන යථාර්ථය ඉතා පැහැදිලිව තේරුම් ගන්න මට ඕන බදුල්ලේ තමුන්නාන්සේලා වෙනුවෙන් යමක් කරලා දෙන්න. ඒ නිසා අපි රජයට එකතු වුණා.

දැන් කියනවා මේ වැට් බද්ද දාලා මහජනතාවට කන්න බොන්න නැතිව මහ පාරේ මැරෙනවාලු. අපි නම් එහෙම කිසි කෙනෙක් දැක්කේ නෑ. වැට් බද්දෙන් තමුන්නාන්සේලාට එහෙම මුදල් අහේනියක් වෙලා තියෙනවාද ?. වැට් බද්ධ දාපු නිසා තමයි ලක්ෂ එකසිය අසුවක් මේ පාරට දෙන්න ආණ්ඩුවට සල්ලි හම්බ වණේ. එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ ඔය කාගෙන් හරි කීයක් හරි එකතු කරලා ඉස්කෝලයකට සුහුරු පංති කාමරයක් දිලා මේ ප්‍රශ්නය විසදන්න බෑ. තමුන්නාන්සේලාට ඊට වඩා පුළුල් සංවර්ධනයක් අවශ්‍යයි. මේ ව්‍යාපෘතිය ලබා දුන්නේ ඡන්දය බලාගෙන නෙවෙයි. ඡන්දය දෙන අය දෙයි. නොදෙන අය නොදෙයි. වැඩිම උදව් ගන්න අය තමයි ඩබල් ගේම් ගහන්නේ. තමුන්නාන්සේලා මට ඡන්දයක් දුන්නා. බලයක් දුන්නා. ඒ නිසා තමයි අද බදුල්ල රෝහලේ මහාචාර්ය ඒකකයේ තට්ටු දහයක ගොඩනැඟිල්ලට රනිල් වික්‍රමසිංහ මහතා ලක්ෂ තිස් දහසක් දිලා තියෙනවා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හදන්න සල්ලි දීලා තියෙනවා. එන මාසේ මැද වෙනකොට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ළමයි බඳවා ගන්නවා බදුල්ල රෝහලේ ධාරීතාව තව ඇඳන් 1200කින් වැඩි වෙනවා.

අපි දැන් රට හදාගෙන යනවා. ආර්ථිකය ශක්තිමත් වීගෙන එනවා. ඒවායේ ප්‍රතිලාභ තමුන්නාන්සේලාට දෙන්න ඕනි.

මෙවැනි දුෂ්කර කාල පරිච්ඡේදයකදී රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය තමුන්නාන්සේලා වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. පසුගිය කාලයේ කරන්න බැරිවුණා. සංවර්ධනය ඔන්න දැන් අපි පටන් ගත්තා යැයිද ඇමැතිවරයා පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT