Home » මව සතුටු කඳුළු පිසිද්දී පොලිස්පති වැඩ භාරගනී

මව සතුටු කඳුළු පිසිද්දී පොලිස්පති වැඩ භාරගනී

by mahesh
March 1, 2024 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

තම ධුර කාලය තුළ බුදුන් වහන්සේගේ දේශනාවට අනුව කටයුතු කරන බවත් මත්ද්‍රව්‍ය මැඬලීම මෙන්ම සංවිධානාත්මක අපරාධ මැඬලීමට කැප වෙන බවත් නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමින් ‍ඊයේ (29) ප්‍රකාශ කළේය.

මම තරම් නින්දා අපහාසවලට පහරකෑම්වලට මඩකෑම්වලට ලක්වුණු පොලිස් නිලධාරියකු මේ පොලිස් දෙපාර්තමේන්තුවේ නැහැ. එහෙම ඉන්නවද කියලා ඉතිහාසය පරීක්ෂා කරලා බලන්න. මට කරපු අභූත චෝදනා, මට කරපු නින්දා අපහාසවලින් මම ශක්තිමත් වුණා. පොලිසියේ මේ වගේම දේවල්වලට මුහුණ දීලා කටයුතු කරන නිලධාරින්ට මම මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කරනවා. මා පොලිස් රාජකාරියේ නියැළුණා මිස කිසිදිනෙක පොලිස්පති වීමේ අදහසින් කටයුතු කළේ නැහැ. ජනාකීර්ණම පොලිස් කොට්ඨාසක් වූ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ සිදු කළ වසර පහක සේවා කාලය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙනවා.

සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස මුල්ම පත්වීම ගාල්ලට ලබා මේ දක්වා පැමිණි ගමන්මඟේ ලද අත්දැකීම් නව ධුරයේ කටයුතු කිරීමේදී පන්නරයක් කර ගන්නවා. අපරාධ වැළැක්වීම, අපරාධ විමර්ශනය, සිවිල් ආරක්ෂක කමිටු සංවිධානය, තිස් අවුරුදු යුද්ධය ත්‍රස්තවාදී ක්‍රියාවලදී මහජනතාව ඒකරාශි කිරීම, දේපොළ ආරක්ෂා කිරීම වැනි කටයුතුවලදී කළ වැඩවලින් මම සෑහෙන අත්දැකීම් ගොන්නක් ලබා ගත්තා. රාජකාරියේදී මහපොළොවේ පයගහලා ඉන්න නිලධාරියෙක් මම. ලංකාවේ සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය තුරන් කිරීම්වලදී පහළම ශ්‍රේණියේ නිලධාරින්ගේ ශක්තිය ධෛර්ය වැඩි වන ආකාරයෙන් පොලිසියේ දැවැන්ත පරිවරත්නයක් කරන්න මා කටයුතු කරනවා. සැබෑ දක්ෂ නිලධාරින්ට ඉහළට එන්න අවශ්‍ය පරිසරය මා සකස් කරනවා. මේ හරහා පොලිසියේ විශාල වෙනසක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මේ අවස්ථාවට මහා සංඝරත්නය, පොලීසියේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT