Thursday, May 15, 2025
Home » Agri Tech 24 කෘෂි තාක්ෂණ දැක්ම හෙට ඇරඹේ

Agri Tech 24 කෘෂි තාක්ෂණ දැක්ම හෙට ඇරඹේ

by mahesh
March 1, 2024 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ සියලු ආයතනවල සහභාගිත්වයෙන් සංවිධානය කෙරෙන Agri Tech 24 කෘෂි තාක්ෂණික දැක්ම හුංගම, බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) පෙරවරු 10.30ට ආරම්භ කෙරේ.

හෙට (02) සිට 05 වැනිදා දක්වා පෙරවරු 10.00 සිට පස්වරු 07.00 තෙක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වාදීමේ අරමුණෙන් සංවිධානය කර ඇත.

මෙම ප්‍රදර්ශනය තුළ රාජ්‍ය ආයතන විසින් සංවිධානය කළ ප්‍රදර්ශන කුටි 65ක් පමණ වන අතර සුළු පරිමාණ ව්‍යවසායකයන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිසල් 26ක් සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි 35කට අධික ප්‍රමාණයක් සිය ප්‍රදර්ශන කටයුතු සංවිධානය කර තිබේ.

මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය වනුයේ මේ වනවිට කෘෂිකර්මාන්තය තුළ භාවිත වන නව කෘෂි තාක්ෂණික ක්‍රමවේද ප්‍රදර්ශනය කිරීමයි. එමෙන්ම එම නව තාක්ෂණය යොදා ගැනීම මඟින් වැඩි අස්වැන්නක් ලැබීම, අඩු ජල ප්‍රමාණයක් සහ අවම පොහොර යෙදීම මඟින් ගුණාත්මක කෘෂි නිෂ්පාදන හඳුන්වා දීම, නව බීජ වර්ග හඳුන්වා දීම, බීජ නිෂ්පාදනය, පළිබෝධ හානි වළක්වා ගැනීම වැනි අංශ රැසක් සම්බන්ධව පාසල් සිසුන්, කෘෂි ව්‍යවසායකයන් ඇතුළු මහජනතාවට දැනුම ලබා දීමට මෙම ප්‍රදර්ශනයේදී කටයුතු යොදා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT