Thursday, May 15, 2025
Home » සිව් දිනක් තිස්සේ අතුරුදන් තරුණයාගේ මළ සිරුර ඉහළ කොත්මලේ පාලමක් යට

සිව් දිනක් තිස්සේ අතුරුදන් තරුණයාගේ මළ සිරුර ඉහළ කොත්මලේ පාලමක් යට

by mahesh
March 1, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

සිව් දිනක් තිස්සේ අතුරුදන්ව සිටි තරුණයකුගේ මළ සිරුර ඉහළ කොත්මලේ ජලාශයේ තලවකැලේ පුඩලුඔය මාර්ගයේ පාලම යට තිබී (29) දින සොයා ගත් බව තලවකැලේ පොලිසිය පැවසීය.

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී මෙසේ සොයා ගනු ලැබුවේ තලවකැලේ හොලිරුඩි ප්‍රදේශයේ පදිංචි කසුන් ලක්මාල් නැමැති 25 හැවිරිදි අයගේ සිරුරයි.

මීට දින කිහිපයකට පෙර ඉහළ කොත්මලේ ජලාශයට ජලය ගලා බසින කොත්මලා ඔයේ නාගසේන ප්‍රදේශයේ දිය නෑමට ගිය තලවකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වු අතර එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව පවසා ගිය තම පුතා ආපසු නිවසට නොපැමිණි නිසා මව විසින් තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කළ බව මියගිය තරුණයාගේ පියා වන පී. එස්. චන්ද්‍රසේන පැවසීය.

ගොඩ ගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යෙමු කරන බව තලවකැලේ පොලිසිය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT