Thursday, May 15, 2025
Home » නාමල්පොකුණ රජමහා විහාර බුද්ධ ප්‍රතිමාවේ ඌර්ණ රෝම ධාතුව උස්සලා

නාමල්පොකුණ රජමහා විහාර බුද්ධ ප්‍රතිමාවේ ඌර්ණ රෝම ධාතුව උස්සලා

හොරකම සී.සී.ටී.වී. යේ

by mahesh
March 1, 2024 1:00 am 0 comment

සිරිපුර - මදුශානි අබේසිංහ

ඓතිහාසික නාමල්පොකුණ රජමහා විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේ තැන්පත් කරන ලද බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව කිසියම් පුද්ගලයෙකු විසින් පෙරේදා (28) රාත්‍රියේ ගලවා රැගෙන යන අයුරු විහාරස්ථානයේ ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබේ.

මෙම ඌර්ණ රෝම ධාතුව රුපියල් 90,000ක් පමණ වටිනාකමකින් යුත් රන් ඌර්ණ රෝම ධාතුවක් බවත්, මෙම සිද්ධිය පිළිබඳව තමන් වහන්සේ මනම්පිටිය පොලිසියට පැමිණිලි කර තිබෙන බව ඓතිහාසික නාමල් පොකුණ රජමහා විහාරාධිපති ජයන්තිපුර නිමලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

මීට පෙරදී ද එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුව කිසියම් පුද්ගලයෙකු විසින් ගලවාගෙන ගොස් ඇති බව ද නිමලාලංකාර නාහිමියන් සඳහන් කළහ. සී.සී.ටී.වී.ආරක්ෂිත කැමරා පරීක්ෂා කරමින් අදාළ ඌර්ණ රෝම ධාතුව සොරකම් කරන ලද පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇති බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT