බිරියගේ හිසට පහරදී බරපතළ තුවාල සිදු කර ත්‍රිරෝද රථයෙන් ඇදවැටුණ බව පවසමින් රෝහල්ගත කළ බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත.
බදුරලිය, මාරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. සැකකරු 2023 අප්‍රේල් 10 වැනිදා රාත්‍රි සිය බිරිය වන එම්. බී. කසුනි දුලීකා යන 30 හැවිරිදි එක්දරු මව ත්‍රිරෝද රථයකින් ඇද වැටී තුවාල ලැබූ බව සඳහන් කරමින් බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
ඇයගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 2023 මැයි මස 7 වැනිදා මියගොස් ඇති බව පොලිසිය පවසයි.
ඇයගේ මරණය සැකසහිත බවට පවුලේ සාමාජිකයින් කළ පැමිණිලි මත කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව වැටලීමට එක්වූ නිලධාරියෙක් පැවැසීය.
මොට ආවේගී බලවේගයකින් හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් කාන්තාවගේ මරණය සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍ය නිලධාරීගේ වාර්තාව අනුව සටහන්ව ඇති බව ද පොලිසිය සඳහන් කරයි.