Home » සිරිපා වන්දනාවේ පැමිණි ඇල්පිටියේ සීයා මරුට

සිරිපා වන්දනාවේ පැමිණි ඇල්පිටියේ සීයා මරුට

by mahesh
March 1, 2024 1:00 am 0 comment

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙක් නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ ඉදිකටුපාන ප්‍රදේශයේදී අසාධ්‍යව මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යමින් සිටියදී ඊයේ (29) අලුයම මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර මහතා පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ සිට පැමිණි පී. ඒ. සිරිපාල නමැති 73 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. මියගිය අය ඇල්පිටිය ප්‍රදේශයේ වන්දනා නඩයක් සමඟ නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ගමන් කර ශ්‍රී පාදය වැඳ පුදා නැවත ගම්බිම් බලා යාමට නල්ලතන්නිය වෙත පැමිණෙමින් සිටියදී මෙසේ මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. මියගිය අයගේ මරණ පරීක්ෂණය මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT