වේයන්ගොඩ නයිවල මාරපොළ ප්‍රදේශයේ පවත්වා ගෙන යන කොහු බත් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් තුළ ඊයේ (29) පස්වරුවේ ගිනි ගැනීමක් සිදු වී පැය දෙකකට පමණ පසුව ගින්න මැඩ පවත්වා ගැනීමට හැකි වූ බව වේයන්ගොඩ පොලීසිය පැවසීය.
නයිවල උඩුගම්පළ මාර්ගයට ආසන්නව පවත්වා ගෙන යන කොහු බත් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාවක එම ගිනි ගැනීම ඊයේ (29) පස්වරු 6.45 ට පමණ හට ගෙන ඇති බවද පොලීසිය කීය.
ගින්න හට ගැනීමත් සමග ගම්පහ නගර සභා ගිනි නිවන ඒකකය වහා පැමිණ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ජල සැපයුම් ඒකකයේ ද සහාය ඇතිව පැය දෙකකට පමණ පසුව ගින්න අවටට පැතිර යාම වලක්වා මැඩ පවත්වා ගැනීමට හැකි වී ඇත.
රාත්‍රී 9.15 වන විටත් කොහු බත් යට තිබෙන ගිනි පුපුරු නිවා දැමීම් සිදු කරනු ලැබීය.
ගින්නට හේතුව අනාවරණය වී නොතිබිණි.
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසංක රංගන මහතා ප්‍රමුඛ එහි පොලිස් නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යති.