207
ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ග්‍රෑම් 945ක් බර වාලම්පුරියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් 28 දින අත්අඩංගුවට ගෙන තිබේ.
චීනවරාය පොලිස් වසමේ ත්‍රිකුණාමලය නුවර මාර්ගයේ, කප්පල්තුරේ ප්‍රදේශයේ දී සිදු කළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා පුලියන්කුලම් හා කන්තලේ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 45, 49 පුද්ගලයෝය.
අදාළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චීන වරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.