Home » පවුම් 7ක රන් භාණ්ඩ කොල්ල කාලා
නවගමුව ව්‍යාපාරිකයාගේ හිසට මන්නයකින් පහර දී 

පවුම් 7ක රන් භාණ්ඩ කොල්ල කාලා

by mahesh
March 1, 2024 1:00 am 0 comment

නවගමුව සමූහ - සුගත් ප්‍රේමතිලක බණ්ඩාරගම - බිමල් ජයසිංහ

නවගමුව දකුණ සමුපකාර මාවතේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නි‍ෙවසට බදාදා රාත්‍රි 11.30ට පමණ ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙක් ව්‍යාපාරිකයාගේ හිසට තියුණු ආයුධයකින් පහරදී නි‍ෙවසේ තිබූ පවුම් හතක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකා පලා ගොස් ඇත.

බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇත. ව්‍යාපාරිකයාගේ බිරිඳ මේ පිළිබඳ නවගමුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ අරඹා තිබේ. මොවුන් මෙම කොල්ලයෙන් පසු යතුරුපැදියකින් පලා ගොස් ඇත.

මේ වනතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අතර නවගමුව පොලිස් ස්ථානාධිපති ලයනල් සේනානායක මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT