උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ පුද්ගලික සහකාර ලෙස රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.ආර්.එස්.ඩබ්. ජයලත් මහතා නේවාසිකව රැඳී සිටින නිල නිෙවසේ නිදන කාමරය අසල පිහිටි කාමරයක් ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එම ගිනි ගැනීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අයත් නිල ඇඳුම් ආයිත්තම්, පාවහන් සහ පුද්ගලික ඇඳුම්, ඇඳන් මෙට්ට, ලීබඩු ගිනිගෙන විනාශ වී ඇති අතර ගින්න වායුසමීකරණ පද්ධතියේ සවිකර ඇති ස්ථානයෙන් හටගෙන ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇත. එමඟින් වායුසමීකරණ යන්ත්‍රය ද, විදුලි පංකාද මුළුමනින්ම දැවී ගොස් ඇත.
උදෑසන 5.15ට පමණ ගින්න හටගන්නා අයුරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් දැකීමත් සමඟම නිලධාරින් කැඳවා වතුර ගසා ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් නිල නිවස පුරා ගින්න පැතිරීම වැළැක්වීමට හැකි වී ඇතැයි පොලිසිය කියයි.
විදුලි කාන්දුවක් මෙම ගින්නට හේතු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
කන්කසන්තුරය මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.