Thursday, May 15, 2025
Home » පාට පාට මාළු හදන්න තාක්ෂණ පුහුණු වැඩමුළුවක්

පාට පාට මාළු හදන්න තාක්ෂණ පුහුණු වැඩමුළුවක්

by mahesh
March 1, 2024 1:00 am 0 comment

මුල්ලේරියාව - සිරිසේන ගමගේ

කොළොන්නාව විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ සංගමය මඟින් කොළඹ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සමඟ ඒකාබද්ධව Òපාට පාට මාළු හදමුÓ යන තේමාව යටතේ ජාන තාක්ෂණ පුහුණු වැඩමුළුවක් බත්තරමුල්ල නක්ඩා ශාලාවේදී පැවැත්විණි .

ජාන තාක්ෂණය යොදා ගනිමින් විවිධ වර්ණවලින් යුත් සුරතල් මසුන් සාදාගන්නා අයුරු හා එමඟින් ව්‍යවසායකයින් බිහිකරමින් රටට විශාල වශයෙන් විදේශ විනිමය ලබා ගැනීමේ හැකියාව ආදී කරුණු පිළිබඳව මෙහිදී සහභාගි වූ පිරිස දැනුවත් කරනු ලැබීය. මෙහිදී සම්පත් දායකත්වය ලබාදුන්නේ ආර්. ඒ. මුදලිගේ මහතා විසිනි.

කොළොන්නාව විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ සංගමයේ සභාපති රොශාන් ප්‍රියර්දශන මහතා ඒ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය. Òලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලබන එකම විසිතුරු මත්ස්‍ය වගාකරුවන්ගේ සංගමය මෙයයි. අප පසුගිය වසර කිහිපය පුරා තරුණ තරුණියන් හට දැනුම ලබා දෙමින් මූල්‍ය අනුග්‍රහය ලබා දෙමින් විශාල පිරිසක් මෙම ක්ෂේත්‍රයට යොමු කර තියෙනවා. මෙම වැඩමුළුව සංවිධානය කළේ ජාන තාක්ෂණය උපයෝගී කරගනිමින් විවිධ වර්ණවලින් යුත් විසිතුරු මත්ස්‍යයින් සාදාගන්නා අයුරු විසිතුරු මත්ස්‍ය වගාවේ නිරත සහ අලුතින් යොමු වීමට පෙලඹී සිටින අය හට පැහැදිලි කර දීමටයි. අද බොහෝ දෙනෙක් තායිලන්තය ආදි රටවලින් විශාල මුදලක් වැය කරමින් සුරතල් මසුන් ආනයනය කරනවා. මෙම ජාන තාක්ෂණය නිවැරදිව හැදෑරුවොත් පාට පාට විසිතුරු මසුන් ඉතා සුළු මුදලකින් අපටම බෝ කර ගත හැකියි. සුරතල් මසුන් වගාව නිවැරදිව සිදු කළොත් විශාල වශයෙන් ඩොලර් ගෙනල්ලා මේ රට ගොඩ නඟන්න පුළුවන්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT