Home » නායකත්ව පුහුණු වැඩමුළුවක් හෝමාගම ගොඩගම පුරාණ විහාරස්ථ ශාලාවේදී

නායකත්ව පුහුණු වැඩමුළුවක් හෝමාගම ගොඩගම පුරාණ විහාරස්ථ ශාලාවේදී

by mahesh
March 1, 2024 1:00 am 0 comment

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කුඩා ව්‍යාපාර හා සමෘද්ධි යන අංශයන් සමඟ ග්‍රාමීය මට්ටමෙන් සම්බන්ධ වී සිටින ස්වයං රැකියාවල නියුතුව හා ස්වේච්ඡා නායිකාවන් බලගැන්වීමේ අරමුණින් පීපල්ස් මයික්‍රෝ කොමර්ස් ආයතනයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් සංවිධානය කළ නායකත්ව දෙදින පුහුණු වැඩමුළුවක් ගොඩගම පුරාණ විහාරස්ථ ශාලාවේදී පැවැත්වුණි.

කණ්ඩායම් දෙකක් වශයෙන් පැවැත් වූ මෙම දෙදින වැඩමුළුවට 200ක පමණ පිරිසක් සහභාගී වූහ. කළමනාකරණ කුසලතා සංවර්ධන පුහුණුකරුවන් වන ඉම්රාන් නෆීර් හා උදය වේවැල්ල යන මහත්වරුන් මෙම වැඩමුළුවට සම්පත් දායකත්වය ලබා දී තිබුණි.

එම අවස්ථාවට ගොඩගම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති කොටිගල නන්දරතන හිමියන් වැඩම කර සිටි අතර හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී. චින්තක, සහකාර ප්‍රාදේශීය ලේකම් චමිල ඩී. තේනුවර, පීපල්ස් මයික්‍රෝ කොමර්ස් ආයතනයේ සාමාන්‍යාධිකාරී වසන්ත ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු ද, ගොඩගම උතුර ග්‍රාම නිලධාරී, සංවර්ධන නිලධාරී හා කාර්යාලයේ වනිතා හා කුඩා ව්‍යාපාර හා සමෘද්ධි අංශවල නිලධාරීන් ද ස්වේච්ඡා නායිකාවෝ ද සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT