258
පාදුක්ක මාවතගම ලයංගා රංග කලායතනය ප්‍රථමවරට පවත්වන්නට යෙදෙන ‘ගගන ගුම්’ නර්තන ප්‍රසංගය හෙට (02) සෙනසුරාදා පස්වරු 02.30ට පාදුක්ක වටරැක කනිෂ්ඨ විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
හොරණ විද්‍යාරත්න විද්‍යායතන පිරිවෙනෙහි නර්තනාචාර්ය සුචිත මංගල මොරටුවගේ මහතාගේ මඟපෙන්වීම යටතේ උඩරට, පහතරට, සබරගමු, කතක්, භරත හා නව නිර්මාණ නර්තනාංග රැසක් සමඟින් මෙම නර්තන ප්‍රසංගය වේදිකාගත වීමට නියමිත අතර ‘ගගන ගුම්’ නැරඹීමට රංග කලායතනයේ දරුවන් විසින් සියලුදෙනාට ඇරයුම් කරනු ලැබේ.