බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ ඉඩමක පෙරේදා (28) පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නකින් එහි තිබූ රු. කෝටි 2ක් පමණ වටිනා රබර් එතූ යකඩ බට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
පුද්ගලික ආයතනයක් මඟින් වරාය නගරයේ ඉදි කිරීම් කටයුතුවලදී වැලි පොම්ප කිරීම සඳහා මේ බට ගෙනවිත් තිබිණි. මෙහි බට 55ක් තිබී ඇති අතර එම බට මීටරයක් පමණ විශ්කම්භයක් තිබෙන බව පැවසේ.
මේ ගින්න පෙරේදා (28) ප.ව 4 .00ට පමණ හටගෙන තිබෙන අතර ඒ විගසම කොළඹ ගිනි නිවන ඒකකයේ හා ගම්පහ ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙක බැගින් පැමිණ, කැලණිය ප්‍රාදේශීය සභාවේ ජල බවුසර් රථද යොදා ගනිමින් පොලිසියේ හා ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කළහ.
මේ ගින්නට හේතුව තවම අනාවරණය වී නැති අතර බියගම පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශාන් ගමගේ යන නිලධාරීහු මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.