Thursday, May 15, 2025
Home » සැකකරුවෙකු අල්ලන්න ගිය පොලිස් සැරයන්ට දැලිපිහි පහරක්

සැකකරුවෙකු අල්ලන්න ගිය පොලිස් සැරයන්ට දැලිපිහි පහරක්

by mahesh
March 1, 2024 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

මට්ටක්කුලිය කැලණි ගඟ මෝල පාර ප්‍රදේශයේදී සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකුගේ අත දැලිපිහියකින් කැපූ සැකකරු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලද මට්ටක්කුලිය පොලිසියේ අපරාධ අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් සැරයන් (12104) කැලුම් නිලධාරියා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ. දේපළ සොරකම් කිරීමේ පැමිණිල්ලකට අදාළව මට්ටක්කුලිය කැලණි ගඟ මෝල පාර ප්‍රදේශයේ නිවසකට ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අවස්ථාවේදී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සැකකරු සඟවාගෙන සිටි දැලි පිහියෙන් පොලිස් නිලධාරියාගේ වම් අතේ මැණික් කටුව අසල කපා තිබූ බව පොලිසිය පවසයි. පොලිස් නිලධාරීයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 72ට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවසීය.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මට්ටක්කුලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT