75
මොරටුව ශාන්ත පීතර පටුමගේ පල්ලිය පිටුපසදී ත්‍රිරෝද රථ රියදුරුගේ ගෙලට වීදුරු කටුවක් තබා මරණීය තර්ජනය කර පහරදී රුපියල් 1000ක්, ජංගම දුරකතනයක් හා ත්‍රිරෝද රථය කොල්ලකා පලාගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි. කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩවූ පුද්ගලයන් දෙදෙනෙක් ත්‍රිරෝද රථ රියදුරුව ශාන්ත පීතර පටුමගේ පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෙම කොල්ලය සිදු කර තිබූ පොලිසිය සඳහන් කරයි. අලෙවි නිලධාරියකු ලෙස රැකියාව කරන මොරටුව කටුබැද්ද ප්‍රදේශයේ ත්‍රිරෝද රියදුරු ඔහුගේ දේපළවල වටිනාකම රුපියල් 1,063,000ක් බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබේ. මොරටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.