Home » පුහුණුකරු පාඨමාලාවේ ගාස්තු පෞද්ගලික ගිණුමකට ගෙන්වා ගත් බවට රග්බි ආයතනයට චෝදනා

පුහුණුකරු පාඨමාලාවේ ගාස්තු පෞද්ගලික ගිණුමකට ගෙන්වා ගත් බවට රග්බි ආයතනයට චෝදනා

by mahesh
March 1, 2024 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා රග්බි ආයතනය මෙහෙය වූ දෙවැනි ශ්‍රේණියේ රග්බි පුහුණුකරුවන්ගේ පාඨමාලාව සඳහා ගාස්තු අය කිරීමේදී එම මුදල පෞද්ගලික ගිණුමකට ලබා ගැනීමට කටයුතු කර ඇතැයි ‘දිනමිණ’ට වාර්තා වේ.

පසුගියදා ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ පැවැති එම පාඨමාලාව සඳහා සහභාගි වූ අපේක්ෂකයන්ට අදාළ ගාස්තුව ගෙවීමට රග්බි ආයතනය සතු ගිණුම් අංකයක් නොව එම ආයතනයේ කාන්තා රග්බි සම්බන්ධව කටයුතු කරන ජාතික කාන්තා රග්බි පිලේ හිටපු නායිකාවකගේ පෞද්ගලික ගිණුම් අංකයක් ලබා දීම සම්බන්ධව මේ වන විට රග්බි ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක් වී ඇතැයි ද වාර්තා වේ. ලෝක රග්බි සම්මේලනයේ අධීක්ෂණය යටතේ පැවැත්වෙන එවැනි වැදගත් පාඨමාලාවකට මුදල් අය කිරීමේදී එය පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙස පාඨමාලා අපේක්ෂකයන්ට දැනුම් දී ඇතැයි ද, එය පාඨමාලාව පිළිබඳ උනන්දුවක් දැක්වූ පුහුණුකරුවන්ගේ සහ හිටපු ක්‍රීඩකයන්ගේ විමතියට කරුණක් වූ බව ද වැඩිදුරටත් වාර්තා වේ. පාඨමාලා ගාස්තුව වශයෙන් ගෙවිය යුතු රුපියල් 40,000ක මුදල පෞද්ගලික ගිණුම් අංකයකට ලබාගැනීමට රග්බි ආයතනය කටයුතු කිරීම නිසා එම පාඨමාලාවට ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසුවූ බොහෝ දෙනකු ඊට සහභාගි නොවූ බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT