Home » දකුණේ පළමු බාලිකා මහා ක්‍රිකට් තරගය මිතුරියන්ගේ සටන අදයි

දකුණේ පළමු බාලිකා මහා ක්‍රිකට් තරගය මිතුරියන්ගේ සටන අදයි

by mahesh
March 1, 2024 1:00 am 0 comment

කරන්දෙණිය සමූහ - අනුරාධ ප්‍රියදර්ශන
ප්‍රජාපතී ගෝතමී විදුහල් කණ්ඩායම

අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල හා වීරකැටිය සිංගප්පූරු මිත්‍රත්ව විදුහල අතර පළමු වරට සංවිධානය කරන ‘මිතුරියන්ගේ සටන’ වාර්ෂික එක්දින කාන්තා ක්‍රිකට් තරගය අද (1) වීරකැටිය ජෝර්ජ් රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ප්‍රජාපතී ගෝතමී විදුහල් ආදිශිෂ්‍යාවක වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකා ඉනෝකා රණවීර මෙනවියගේ ප්‍රධානත්වයෙන් මේ මංගල තරගය පැවැත්වීමට නියමිතය.

දකුණු පළාතේ පාසල් දෙකක් අතර ප්‍රථම වරට පැවැත්වෙන කාන්තා මහා ක්‍රිකට් තරගය වන මේ තරගයේදී ප්‍රජාපතී ගෝතමී විදුහල් කණ්ඩායම සසිනි උමේෂා විසින් ද සිංගප්පූරු මිත්‍රත්ව විදුහල් කණ්ඩායම සිත්හාරා තුල්නදී විසින් ද මෙහෙයවනු ලබති. ඉනිම දෙකකින් සමන්විත මේ තරගයේ එක් ඉනිමක් ඕවර 30කට සීමා කිරීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

අදින් ආරම්හ කෙරෙන මේ තරගය වාර්ෂිකව පැවැත්වීමට තීරණය කර ඇතැයි ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල්පතිනි රුවන්ති සිල්වා සහ මිත්‍රත්ව බාලිකා විදුහලේ විදුහල්පතිනි සුමනා රත්නායක මහත්මීහු පැවැසූහ.

සිය විදුහල් ද්විත්වයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව දියුණුකිරීමේ අරමුණින් මේ පියවර ගත් බවත් දෙවිදුහලම ක්‍රිකට් ආරම්හ කළේ මෑතකදී බවත් විදුහල්පතිනියෝ කියා සිටියහ.

ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල් කණ්ඩායම: ශෂිනි උමේෂා (නායිකාව), විජිනි ප්‍රභා සිල්වා, සචිනි සාවින්ද්‍යා, කවීෂා ගිම්හානි, වගීෂා බවසරණි, තරුසි ඉමාෂා, යශ්මි කවීෂා, හිරුෂි සංජනා (කඩුලු රකින්නිය), උපුලි සමාරා, ගිත්මි ශෙහාරා, උවින්දි සිනාශා, බුහුනි තෙනුල්‍යා, ඕෂදී සංජනා, කවීෂා කාවින්දි, ඉසුරි ජයෝදා, චනාරා දෙවිදුනි, අශිනි මධුශානි, චාන්දනී ජයලත් (ක්‍රිකට් භාර ආචාරිනි), කවිතා ඩිල්කි මෙන්ඩිස් (පුහුණුකාරිනී).

මිත්‍රත්ව විදුහල් කණ්ඩායම: සිත්හාරා තුල්නදී (නායිකාව), ස්නේහා කවුමිණි (උප නායිකාව), දමෝද්‍යා සත්සරණි, සිතුමිණි සංකල්පනා මුණසිංහ, මයුමි ප්‍රවිශ්කා, රන්දි ප්‍රතිභා, චතුමි ශ්‍රීස්තා, යෙනුලි තෙසාරා, මල්ෂා උදේශිකා, රශිනි දිනුෂිකා, නිපුනි නිමේෂා (කඩුලු රකින්නිය), නෙතුලි හේෂරා, සනුති තසන්‍යා, වොනෙල්කා සවිත්මි, අමනෙතු කවීෂා, කිවිදි හංසි, සුපුන් එදිරිසිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), රවින්ද්‍ර මහානාම (පුහුණුකරු).

සිංගප්පූරු මිත්‍රත්ව විදුහල් කණ්ඩායම

සිංගප්පූරු මිත්‍රත්ව විදුහල් කණ්ඩායම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT