Home » ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8ක් ආසියානු කනිෂ්ඨ ශූරතාවලියට පාකිස්තානයට

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8ක් ආසියානු කනිෂ්ඨ ශූරතාවලියට පාකිස්තානයට

by mahesh
March 1, 2024 1:00 am 0 comment

දකුණු ආසියාතික බැඩ්මින්ටන් අවුරුදු 15න් පහළ සහ අවුරුදු 17න් පහළ කලාපීය කනිෂ්ඨ ශූරතාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් ඊයේ (29) පාකිස්තානය බලා පිටත්ව ගියහ. මිශ්‍ර කණ්ඩායම් සහ ඒකල තරග ඉසව්වලින් සමන්විත මේ ශූරතාවලිය ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන ක්‍රීඩා සංකීර්ණයේදී අනිද්දා (3) සිට 7 වැනිදා දක්වා පැවැත්වෙන අතර, මුල් දින දෙකේදී කණ්ඩායම් තරගත්, 5-6 දෙදින ඒකල මූලික තරගත් 7 වැනිදා ඒකල අවසන් තරගත් පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රජිත දහනායක, සහාය පුහුණුකරු ඉරේෂ් මධුරංග ද සිල්වා සහ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙස තරංගා විමලසූරිය මහත්ම මහත්මීහු ද සංචාරයට එක් වෙති.

ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙසේය.

අවුරුදු 15න් පහළ බාලක – අමාවන් අමරසිංහ, චෙනාල් දෙව්ෂාන් මඩපාතගේ, බාලිකා – තෙනුකි අයන්සා ද සිල්වා, බිනුරි ජනංගා.

අවුරුදු 17න් පහළ බාලක – මිහිල රවිෂ්ක ක්‍රිෂ්ණ ජයවීර, තේජන සමුදිත හේරත්, බාලිකා – නෙත්මි අමායා රත්නායක, ලක්ෂණා සජීවකුමාර්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT