ශ්‍රී ලංකාවේ යෝජනාවකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් තිරසර ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ඉදිරිපත් කරන ලද පාලන විනිශ්චය තක්සේරුවට (Governance Diagnostic Assessment) රජය සිය ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වා ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.මෙවැනි කටයුත්තකට අවතීර්ණ වූ ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වන බව පෙන්වා දෙන ඇමැතිවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන වෙනුවෙන් රජය දක්වන කැපවීම මෙමඟින් ප්‍රදර්ශනය වන බව ද පවසයි.
මේ ක්‍රියාකාරී සැලැස්ම යටතේ බදු සංශෝධනව කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලොව පිළිගත් ක්‍රමවේද යටතට ගෙන ඒම, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඇතුළු කරුණු රැසක වගකීම මුදල් අමාත්‍යාංශය ඇතුළු ආයතන කීපයකට හිමිව ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියයි.