635
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහු අද (02) මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී ඇත.
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් සමන් රත්නායක, ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර එහි දී ඔහුගෙන් පැය 09කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරු ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.