දිවයිනේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, නව්‍ය සහ විශ්වාසනීය ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, පසුගියදා පැවැති TAGS Awards 2023 සම්මාන උළෙලේදී ලාංකික රක්ෂණ ක්ෂේත්රයේ (දළ ලිඛිත වාරිකය රුපියල් බිලියන 10 දක්වා කාණ්ඩයේ) හොඳම වාර්ෂික වාර්තාව (Annual Report) සඳහා වන ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත්විය. සමාගම මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් දෙවැනි වසර මෙය වීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) මඟින් සංවිධානය කරනු ලබන TAGS Awards, Transparency (පාරදෘශ්‍යභාවය), Accountability (වගවීම), Governance (පරිපාලනය) සහ Sustainability (තිරසරභාවය) යන ප්‍රධාන කුලුනු හතරෙහි නියෝජනයක් ලෙස නම් කර තිබේ. ඒ අනුව, ‘Strides for Multifaceted Growth’ යනුවෙන් නම් කරන ලදආර්පිකෝ රක්ෂණ සමාගමේ වාර්ෂික වාර්තාවේමූල්ය, පාරිසරික, සමාජයීය සහ පරිපාලන වාර්තාකරණයේ නිකැළැල් බවට ලද සහතිකයක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැකිය.
ආර්පිකෝ රක්ෂණ සමාගමට අමතරව ශ්‍රී ලංකාවේ තවත් ප්රමුඛ සමාගම්, බහුජාතික සමාගම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී ආයතන රැසක් සිය මූල්‍ය සහ මූල්‍ය නොවන වාර්තාකරණය වෙනුවෙන් මෙහිදී සම්මාන දිනාගත්හ. ″නියාමන අවශ්‍යතාවලට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට යමින් අපගේ සදාචාරාත්මක, පරිපාලන, පාරිසරික සහ අනෙකුත් කැපවීම් වෙනුවෙන් අප ගත් වෙහෙස මෙසේ ඇගයීමට ලක්වීම විශාල සතුටක්″ යනුවෙන් ආර්පිකෝ රක්ෂණ සමාගමේ සභාපති රමල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.