රස පෙරළියක යස හිමිකරුවා – ලක්මී දේශීයත්වයට අභිමානයක් රැගෙන එමින් සිය කොළඹ කාර්යාල සංකීර්ණය හැව්ලොක්ටවුන්හිදී පසුගියදා විවෘත කළේය. සෑම විටම අනර්ඝත්වයට සහ දේශීයත්වයට මුල් තැන දෙන ලක්මී හෝල්ඩිංස් වෙළෙඳපොළේ තරගකාරී නිෂ්පාදන සමඟ කරට කර තරග වැදී ජනතාවගේ ආදරය සහ විශ්වාසය ඉහළින්ම දිනා ඇත. අනුරාධපුරයේ හා ත්‍රිකුණාමලයේ ස්ථාපනය කර ඇති කර්මාන්තශාලා මඟින් 500කට අධික පිරිසකට ලක්මී හෝල්ඩිංස් ඍජු රැකියා සපයා ඇත. ලක්මී හෝල්ඩිංස් තැබූ මෙම සුවිශේෂ පියවර පිළිබඳව එහි නිර්මාතෘ හා
සභාපති උෂාන් උඩුමුල්ල මහතා මෙසේ පැවසීය.
“ලක්මී හෝල්ඩිංස්හි අපි සෑම විටම දේශීයත්වයට මුල් තැන දෙනවා. අපි සෑම දෙයක්ම නිෂ්පාදනය කරන්නේ අපේ පවුලේ අයට දෙන්න හදනවා කියලා හිතලා. අපේදියුණුවේ රහස එයයි. මේ නව පියවරත් සමඟ ලක්මී හෝල්ඩිංස් සේවා ජාලය තවදුරටත් ව්‍යාප්ත කරන්න අපි කටයුතු කරනවා. අපිත් සමඟ සිටින සහෘද සේවක පිරිස, සැපයුම්කරුවන්, අපිව දිරිගන්වන්නන් සහ අපේ මිතුරන් මේ අවස්ථාවේ ආදරයෙන් සිහිපත් කරනවා” උසස්ම පෝෂණය ලක්වැසියන්ට දායාද කරන ලක්මී හෝල්ඩිංස් සෝයා වෙළෙඳපොළේ විප්ලවීය වෙනසක් ඇති කළ නිර්මාණකරුවා ද වේ. ඔවුන් මෙරට ජනතාවගේ රස නහර හඳුනා ගෙන බත් පතට ගැළපුමක් ලෙස දඩයම් බට්ටා නමින් සුවිශේෂ සෝයා නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත. ඉන් නොනැවතී දේශීය කුළුබඩු සාරය උපරිම ලෙස එක් කර සෝයා මාදිලි රැසක් වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත. ඊට අමතරව සීරියල් නිෂ්පාදන ලෙස දරුවන්ට පෝෂණය දෙන ලක් පෝෂ සීරියල්, රස වෑහෙන විවිධ වර්ගයේ ජෑම්, මේද තැවරුම්, කෑම මේසයේ රස වැඩි කරන සෝස්, මැජික් මික්ස් නූඩ්ල්ස් සහ විවිධ පාන වර්ග රැසක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත.