Home » Phoenix Industries 2024 වසර සඳහා නව භාණ්ඩ පෙළක් එළිදක්වයි

Phoenix Industries 2024 වසර සඳහා නව භාණ්ඩ පෙළක් එළිදක්වයි

by damith
March 2, 2024 1:14 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ භාණ්ඩ සන්නාමය වන Phoenix Industries විසින් 2024 වසර සඳහා වන සිය නවතම නිෂ්පාදන පෙළ පෙබරවාරි මස 01 වැනිදා බත්තරමුල්ල ප්‍රදර්ශනාගාරයේදී එළිදක්වන ලදි. එදිනෙදා භාවිතයට ගැනෙන, ගුණාත්මක බවින් සහ නවීන මෝස්‌තරවලින් සපිරි එම නිෂ්පාදන පෙළ පුළුල් පරාසයක විහිදී ඇත. නවීන පන්නයේ ජීවන රටාවක් සඳහා අවශ්‍ය පුටු, බහාලුම් සහ වෙනත් ගෘහ භාණ්ඩ 10ක් මෙම නිෂ්පාදන පෙළට අයත් වේ. ඒවා මෙසේය. Duo Chair – සුවපහසු අත්දැකීමක් සහතික කරන ලීවලින් හෝ ලෝහවලින් නිම කළ හුවමාරු කළ හැකි සහ කැරකෙන කකුල් සහිත කුෂන් කළ පුටු, Breeze Chair – විවේකීව අසුන් ගැනීමට කදිම පුටු, Hola Chair – නාගරික පදිංචිකරුවන් සඳහා නවීන සාමාන්‍ය පුටු, POP Stool – ඕනෑම අවස්ථාවකට ගැළපෙන බහුවිධ ප්‍රයෝජන සහිත ගෘහස්ථ හෝ එළිමහන් කුඩා මේස, OLI Kids Chair – කෙළිලොල් දරුවන් සඳහා වර්ණවත් පුටු, WAVE Drawers – රෝද සහිත හෝ රහිත, නැවිය හැකි ලාච්චු (ප්‍රමාණ තුනකින්), New 40L & 100L Storage Boxes – වටිනා භාණ්ඩ සුරක්ෂිතව තැබිය හැකි, ඉවත් කළ හැකි තැටිය සහිත ලාච්චු, Button L – ඉහළ නැංවූ ධාරිතාව සහිත සහ හොඳින් වාතය ගලා යන නව රෙදි සේදුම් කූඩ, COCO Basket – බොහෝ දෑ දැමිය හැකි කූඩ, Little Monsoon – ලීටර් පහක ධාරිතාවෙන් යුතු, ගෙවත්තට ප්‍රයෝජනවත් වන ජලය යෙදීමේ බාල්දි, සුවපහසු ජීවන රටාවක් සඳහා Phoenix සමාගම හඳුන්වා දුන් මෙම නිෂ්පාදන ක්‍රියාකාරිත්වයෙන් සහ සෞන්දර්යාත්මකභාවයෙන් අනූනය. මෙම සම්පූර්ණ භාණ්ඩ පෙළ මාර්ගගත ක්‍රමය ඔස්සේ සහ වැලිසර, පානදුර හා බත්තරමුල්ල ප්‍රදර්ශනාගාරවලින් මිල දී ගත හැකිය. අද්විතීය ගුණාත්මක බවින් සහ නවීන මෝස්‌තරවලින් යුතු මෙම නිෂ්පාදන පෙළ ශ්‍රී ලාංකේය ගෘහ භාණ්ඩ කලාවට නව අත්දැකීමක් එක් කරයි. shop.phoenix.lk ඔස්සේද මෙම භාණ්ඩ පෙළ දැක බලා ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT