චීනයේ දේශීය දළ නිෂ්පාදනය මේ වසරේදී 4.6% කින් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පෙබරවාරි මාසයේ වාර්තාවකින් හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එම තත්ත්වය වසර 2028 දක්වා ඉදිරි වසර 4ක කාලයක් සිදුවනු ඇතැයි ද එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. චීනයේ දේශීය දළ නිෂ්පාදනය 2023 මූල්‍ය වසරේදී 5.4%කින් පහත වැටුණු බවත්, වසර 2025දී 4.0%කින්ද, 2026 දී 3.8%කින්ද, 2027දී 3.6%කින්ද, 2028දී 3.4%කින් ද පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
චීනයේ ජනාධිපතිවරයා ලෙස ෂී ජින්පින් දෙවැනි වරට වැඩ භාර ගැනීමෙන් පසු එම තත්ත්වය පෙන්නුම් කරන බවත්, ඉහළ යමින් පවතින විරැකියාව, දේපළ අංශයේ පසුබැස්ම, අභ්‍යන්තර ආයෝජන මන්දගාමී වීම ඊට හේතුව බවත් වැඩිදුරටත් වාර්තා වේ.