Home » පැහැ­ර­ගත් මෝටර් රියක් ජම්බු­ග­හ­හේනේ දමා ගිහින්

පැහැ­ර­ගත් මෝටර් රියක් ජම්බු­ග­හ­හේනේ දමා ගිහින්

by damith
March 2, 2024 1:03 am 0 comment

ඇල්පි­ටිය සමූහ චන්ද්‍ර­සිරි ගුණ­සේ­කර

ඇල්පි­ටිය පොලිස් වස­මට අයත් ජම්බු­ග­හ­හේන ප්‍රදේ­ශයේ තිබී අත­හැර ගිය වැගන් ආර් වර්ගයේ මෝටර් රථ­යක් සොයා ගත් බව ඇල්පි­ටිය පොලි­සිය පව­සයි.

පෝද්දල පොලිස් වස­මෙන් මෝටර් රථ­යක් පැහැ­ර­ගෙන යන බවට ලද පොලිස් පණි­වු­ඩ­යක් අනුව ඇල්පි­ටිය හා ඌර­ග­ස්මං­හ­න්දිය පොලිස් ස්ථාන­වල පොලිස් කණ්ඩා­යම් දෙකක් අද (01) අලු­යම 4.30ට පමණ පරී­ක්ෂණ පව­ත්ව­මින් සිටි­යදී මෝටර් රථය පැහැ­ර­ගෙන ඇල්පි­ටිය – අලු­ත්ගම ප්‍රධාන මාර්ගයේ ඌර­ග­ස්මං­හ­න්දිය දෙසට ධාව­නය වෙමින් තිබූ බවට තොර­තුරු ලැබී ඇති අතර, මෙම මෝටර් රථය නව­ද­ගල, ජම්බු­ග­හ­හේන ප්‍රදේ­ශයේ කන්දක දමා කොල්ල­ක­රු­වන් පැන­ගොස් ඇති බව පොලි­සිය පව­සයි. මෝටර් රථයේ දකුණු පැත්තේ පිටු­පස ටය­ර­යක් ගැලවී ඇති අතර එම ටය­රය ද මෙතෙක් හමුවී නැත. එම ටය­රය වේග­යෙන් ධාව­නය කිරී­මේදී කැඩී ගොස් ඇති බවයි පොලි­සිය විශ්වාස කරන්නේ. මෝටර් රථය අත­හැර ඒ ආස­න්නයේ ඇති කුරුඳු ඉඩ­ම­කට පැන කොල්ල­ක­රු­වන් පලා ගොස් ඇති බවට පොලි­සිය සැක කරයි.

මෙම මෝටර් රථය පෝද්දල ප්‍රදේ­ශ­යෙන් පැහැ­ර­ගෙන එමින් සිටි­යදී රත්ගම ප්‍රදේ­ශ­යේදී මුර සංචා­රක පොලිස් කණ්ඩා­ය­මක් විසින් නවතා පරීක්ෂා කර­මින් සිටි­යදී මොවුන් පලා­ගොස් ඇති බව ද පොලිස් ආරං­චි­මාර්ග කියයි.

ඇල්පි­ටිය මූල­ස්ථාන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අනුර විජේ­සිංහ මහ­තාගේ උප­දෙස් මත අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඉන්ද්‍ර­ජිත් වැල්ලගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩා­ය­මක් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT