Home » ගල­බැද්දෙ ඉස්කෝලෙ කැන්ටිමේ ඇන්ටිට ලොකු සර්ගෙන් කර­ද­ර­යක්

ගල­බැද්දෙ ඉස්කෝලෙ කැන්ටිමේ ඇන්ටිට ලොකු සර්ගෙන් කර­ද­ර­යක්

by damith
March 2, 2024 1:09 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස් ගුණ­ති­ලක

මොන­රා­ගල ගල­බැද්ද මහා විද්‍යා­ලයේ විදු­හ­ල්ප­ති­ව­රයා විසින් පාසලේ ආප­ණ­ශා­ලාව පව­ත්වා­ගෙන යන එහි හිමි­කාර කාන්තා­වට ලිංගික අත­වර සිදු කළ බවට ඇය විසින් දොඹ­ග­හ­වෙල පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇත.

ගල­බැද්ද ඇල­පොත පදිංචි 33 හැවි­රිදි මේ කාන්තාව ඉකුත්දා (28) ආප­ණ­ශා­ලාව වසා නිවෙ­සට ගොස් තිබේ. පසුව පාසලේ ගුරු­ව­ර­යකු පැමිණ ආප­ණ­ශා­ලාවේ විදුලි පහන් නිවා­දමා නැති බව පවසා ඇත. ඇය විදුලි පහන් නිවා­දැ­මීම සඳහා ප.ව 3.40ට පමණ පාස­ලට ගොස් ඇත.

විදුලි පහන් නිවා දමා දොර­ගුළු වසා නිවෙ­සට යෑමට සූදා­නම් වූ අව­ස්ථාවේ විදු­හ­ල්ප­ති­ව­රයා ඇයට කාර්යා­ල­යට එන ලෙස දන්වා එසේ පැමිණි පසු ලිංගික අත­වර කර තිබෙන බවට පැමි­ණි­ල්ලෙහි දැක්වේ. විදු­හ­ල්ප­ති­ව­රයා 53 වැනි වියෙහි පසු වන අයෙකි. සිද්ධිය පිළි­බ­ඳව දොඹ­ග­හ­වෙල පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT