මොනරාගල ගලබැද්ද මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් පාසලේ ආපණශාලාව පවත්වාගෙන යන එහි හිමිකාර කාන්තාවට ලිංගික අතවර සිදු කළ බවට ඇය විසින් දොඹගහවෙල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ගලබැද්ද ඇලපොත පදිංචි 33 හැවිරිදි මේ කාන්තාව ඉකුත්දා (28) ආපණශාලාව වසා නිවෙසට ගොස් තිබේ. පසුව පාසලේ ගුරුවරයකු පැමිණ ආපණශාලාවේ විදුලි පහන් නිවාදමා නැති බව පවසා ඇත. ඇය විදුලි පහන් නිවාදැමීම සඳහා ප.ව 3.40ට පමණ පාසලට ගොස් ඇත.
විදුලි පහන් නිවා දමා දොරගුළු වසා නිවෙසට යෑමට සූදානම් වූ අවස්ථාවේ විදුහල්පතිවරයා ඇයට කාර්යාලයට එන ලෙස දන්වා එසේ පැමිණි පසු ලිංගික අතවර කර තිබෙන බවට පැමිණිල්ලෙහි දැක්වේ. විදුහල්පතිවරයා 53 වැනි වියෙහි පසු වන අයෙකි. සිද්ධිය පිළිබඳව දොඹගහවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.