Saturday, May 10, 2025
Home » කබාය අහිමි වූ නාගා­න­න්දට පොදු නඩු කටයුතුත් තහනම්

කබාය අහිමි වූ නාගා­න­න්දට පොදු නඩු කටයුතුත් තහනම්

by damith
March 2, 2024 1:06 am 0 comment

නෙල්කා මැද­ගෙ­දර

වෘත්තීය විෂ­මා­චාර ක්‍රියා හේතු­වෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය විසින් නීති­ඥ­භා­වය අහිමි කළ නාගා­නන්ද කොඩි­තු­වක්කු මහ­තාට මහ­ජන යහ­පත සඳහා ගොනු කරන කිසිදු නඩු කට­යු­ත්තක් වෙනු­වෙන් ඉදි­රි­යේදී පෙනී සිටී­මද තහ­නම් කර ඇත. ඔහුගේ නීති­ඥ­භා­වය අහෝසි කර­මින් දෙන ලද ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ තීන්දු­වෙහි මේ බව සඳ­හන් වේ.

ප්‍රියන්ත ජය­ව­ර්ධන, ප්‍රීති පද්මන් සූර­සේන සහ එස්. තුරෙ­යි­රාජා යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ත්‍රිපු­ද්ගල ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල විසින් මේ තීන්දුව ප්‍රකා­ශ­යට පත් කරන ලදි.

අග විනි­සුරු ජයන්ත ජය­සූ­රිය මහතා සහ ප්‍රමුඛ විනි­සුරු මඬු­ල්ලක් විසින් විභා­ග­යට ගත් නඩු­ව­කට අදා­ළව නාගා­නන්ද කොඩි­තු­වක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දුන් දිවු­රුම් පෙත්ස­ම­කින් අග­වි­නි­සු­රු­ව­රයා ඇතුළු විනි­සු­රු­ව­රුන්ට අව­මන් සහ­ගත ආකා­ර­යෙන් ප්‍රකාශ සිදු කර ඇති බවට ඔහුට එරෙ­හිව චෝදනා එල්ල විය. එසේම නීතිඥ වෘත්තී­යට නොගැ­ළ­පෙන සහ ලෙස අධි­ක­ර­ණය තුළ කට­යුතු කිරීම සම්බ­න්ධ­යෙන්ද චෝදනා එල්ල විය. මේ ක්‍රියා මඟින් වෘත්තීය විෂ­මා­චාර ක්‍රියා­වක නිරත වූ බවට චෝදනා කොට නීති­ප­ති­ව­රයා විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ චෝදනා පත්‍ර­යක් ගොනු කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT